Home » ගෝලීය කුසගිනි දර්ශකයේ දකුණු ආසියාවේ දරිද්‍රතාව වැඩිම රට පාකිස්තානය

ගෝලීය කුසගිනි දර්ශකයේ දකුණු ආසියාවේ දරිද්‍රතාව වැඩිම රට පාකිස්තානය

-ලොව ඉහළම දරිද්‍රතාව සෝමාලියාවේ

by sachintha
January 14, 2025 1:48 am 0 comment

වාර්ෂික ගෝලීය කුසගිනි දර්ශකයේ 2024 නවතම වාර්තාවට අනුව 109 වැනි ස්ථානයේ පසුවන පාකිස්තානය දරිද්‍රතාව ඉහළම දකුණු ආසියාතික රට බවට පත්වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පාකිස්තානයේ ජනගහනයෙන් ආසන්න වශයෙන් 36%ක් ආහාර අනාරක්ෂිභාවය අත්විඳින බවත්, අකාර්යක්ෂම ආහාර බෙදා හැරීමේ පද්ධතිය, ස්වභාවික විපත් සහ ගැටුම් හේතුවෙන් එරට කුසගින්න සහ මන්දපෝෂණය ඉහළ ගොස් ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ලොව දරිද්‍රතාවෙන් පෙළෙන රටවල් හඳුනා ගැනීමට සහ කුසගින්නෙන් පීඩාවට පත් ලෝක ජනතාවට සහන සැලසීම සඳහා 2006 වසරේදී රටවල් 118ක් ඇතුළත්ව ආරම්භ කළ එම ලැයිස්ගත කිරීමේ 2015 වසරේ වාර්තාවේ පාකිස්තානය 68 වැනි ස්ථානයේ පසුවූ බවද විදෙස් මාධ්‍ය සඳහන් කළේය. එම වාර්තාවට අනුව දරිද්‍රතාව වැඩිම රට බවට සෝමාලියාව පත්වී ඇති අතර, දරිද්‍රතාව අඩුම රට බවට බෙලරුස් රාජ්‍ය ලැයිස්තුගත කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. එම දර්ශකයට අනුව ශ්‍රී ලංකාව 56 වැනි ස්ථානයේ පසුවන අතර, බංග්ලාදේශයට 84 වැනි ස්ථානයත්, ඉන්දියාවට 105 වැනි ස්ථානයත් ලැබී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT