Monday, April 21, 2025
Home » ලොස් ඇන්ජලීස් ළැව්ගින්නෙන් මිය ගිය ගණන 24ට නඟී

ලොස් ඇන්ජලීස් ළැව්ගින්නෙන් මිය ගිය ගණන 24ට නඟී

-පළාත් රැසකට රතු නිවේදන

by sachintha
January 14, 2025 1:41 am 0 comment

දින ගණනාවක් පුරා පැතිරී යන ලොස් ඇන්ජලීස් නුවර ළැව් ගින්න අධික සුළං තත්ත්වයේ වර්ධනය හේතුවෙන් කැලිෆෝනියා ප්‍රාන්තයේ පළාත් රැසකට රතු නිවේදන නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය දින කිහිපය තුළ ළැව් ගිනි 6ක් ඇවිළී ගිය බවත්, එය මේ වන විට 3ක් දක්වා අඩු වූවද, පැයට සැතපුම් 100කට අධික වේගයෙන් සුළං තත්ත්වය වර්ධනය වීමත් සමඟ ළැව් ගින්න තවදුරටත් පැතිරීමේ අවදානමක් මතු වී ඇතැයි ලොස් ඇන්ජලිස් නුවර කාලගුණ ඒකකය අනතුරු අඟවා තිබේ. ලොස් ඇන්ජලිස් නුවර ප්‍රදේශ රැසකට විදුලි බලය බිඳ වැටීමෙන් ලක්ෂ දෙකකට අධික පිරිසක් දුෂ්කරතාවට පත්වී ඇති බවත්, ඔවුන් ඉවත් කිරීමට ආපදා කළමනාකරණ කණ්ඩායම් පියවර ගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

අධික සුළං තත්ත්වයත් සමඟ ඉදිරි දින කිහිපයේදී ලොස් ඇන්ජලිස් නුවර පළාත් කිහිපයකට බලපානු ඇතැයි අනාවැකි පළ වී ඇති ළැව් ගිනි තත්ත්වය තීරණාත්මක විය හැකි දරුණු තත්ත්වයකට හැරෙනු ඇතැයි ද, නැවත දැනුම් දෙනතුරු ආරක්ෂාකාරී ස්ථානවල රැඳී සිටින ලෙස ලොස් ඇන්ජලිස් බලධාරීන් එම පළාත්වල නිවැසියන්ට දැනුම් දී ඇතැයි ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT