කුඩා කර්මාන්ත යනු සරලවම අඩු කණ්ඩායම් සාමාජිකයන් හා කුඩා අයවැයක් සහිතව කටයුතු කරනු ලබන කර්මාන්ත වේ. කුඩා කර්මාන්ත අලෙවිකරණය සිදු කිරීමේදී ඉලක්කගත වෙළෙඳපොළ පිළිබඳව මනා අවබෝධයක් තිබීම වැදගත් වේ.
එලෙසම අවශ්‍යතාවන්ට සරිලන ආකාරයෙන් මාධ්‍ය තෝරා ගත යුතුය. කුඩා කර්මාන්ත සිදු කිරීමේදී ඵලදායී ලෙස සම්පත් කළමනාකරණය කිරීම වැදගත් වේ. එතුළම ආවේණික සම්පත්, මනාව කළමනාකරණය කිරීම වඩාත් තීරණාත්මක වේ. එම සම්පත් කළමනාකරණය තුළ මානව සම්පත කළමනාකරණය කිරීම වැදගත් වේ. එයට හේතුව වන්නේ මානව සම්පත නොමැතිව කුඩා කර්මාන්ත සිදු කිරීමට ඇති නොහැකියාවත් අස්ථාවර මානව සම්පත් තුළින් අවසානය අසාර්ථක බවට පත්වීමත් නිසාය. එතුළම තාක්ෂණය යනු ආයතනයකට තරගකාරී වාසියකි. මෙලෙස ක්‍රියාත්මක වන කුඩා කර්මාන්ත සඳහා කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වන්නේ කුඩා කර්මාන්ත දියුණු කිරීමට සහාය වීමයි.
එහිදී මූලික වශයෙන් ප්‍රාදේශීය මට්ටමින් ආර්ථික සංවර්ධනය හා නූතන තාක්ෂණික ක්‍රමයන් ඔස්සේ පරිසර හිතකාමී කර්මාන්ත බිහි කිරීම විශේෂ වේ. තවද නිෂ්පාදන වර්ග විය යුතුය. එනම් තනි කුඩා නිෂ්පාදන අංශ සඳහා නිෂ්පාදන ක්‍රියාවලීන් ක්‍රියාත්මක කිරීම, වෙළෙඳපොළ අවශ්‍යතා මත හා පාරිභෝගික අවශ්‍යතා මත නිෂ්පාදන හා සේවා සිදු කිරීමට දිරිගැන්වීම, විශේෂයෙන්ම කුඩා කර්මාන්ත ආයතන සේවකයන්ට අවශ්‍ය පුහුණු හා අදාළ කුසලතා ලබා දීමට මෙන්ම නිෂ්පාදන කාර්ය මාලාව ගුණාත්මකව වැඩිදියුණු කිරීම වැදගත් වේ.
මේ ආකාරයකට කියවෙන කුඩා කර්මාන්ත දියුණු වීම මඟින් බොහොමයක් සමාජ ගැටලු නිරාකරණය වේ. එහිදී රැකියා විරහිත තරුණ පෙළ, නව රැකියාවන් සඳහා යොමු වීම් ද, තරුණ තරුණියන් ව්‍යාපාර ක්ෂේත්‍රයට යොමු වීම, ව්‍යාපාරවල කාර්යක්ෂමතාව හා එලදායීතාව වර්ධනය කිරීම සිදු කළ හැකිය. මේ ආකාරයෙන් කුඩා කර්මාන්ත දියුණුවුවහොත් සමස්ත කර්මාන්ත ක්ෂේත්‍රයම දියුණුව කරා ළඟා කරගත හැකිය. එසේ හෙයින් සමස්ත කර්මාන්ත ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා පවතින රජයන්ගෙන් මනා සහයෝගය අත්‍යවශ්‍ය වේ.
නිසංසලා සඳමාලි