රුපියල් එක් කෝටි හැත්තෑ හතර ලක්ෂ පනස් දහස් අට සිය හැත්තෑ පහක් වටිනා මැණික් තොගයක් සිය යටඇදුම් තුළ සඟවාගෙන චීනයට රැගෙන යෑමට තැත් කළ දෙදෙනෙක් කටුනායකදී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
චීන ජාතික පියෙකු සහ දියණියක ඊයේ (13) රාත්‍රියේ මෙලෙස කටුනායක ගුවන්තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේදී අත්අඩංගුවට ගැණුනි.
සැකකාර 45 හැවිරිදි පියා සහ 21 හැවිරිදි දියණිය මෙරට විවිධ පළාත්වල සැරිසරමින් ව්‍යාපාරික කටයුතුවල නිරත වී ඇති බවට හෙළිව තිබේ.
සැකකරුවන් සතුව තිබී අත්අඩංගුවට ගත් මැණික් අතර චන්ද්‍රකාන්ති, ගෝමේද, ආරනූල්, වෛරෝඩි සහ පච්ච යන මැණික් වර්ග තිබී ඇත.
මේ පිළිබඳ විධිමත් රේගු පරීක්ෂණය අද පස්වරුව වන තෙක් පැවැත් වූ අතර , එහිදී මෙම මැණික් තොගය රාජසන්තක කිරීමට රේගු නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා තීරණය කළේය. සැකකාර පියා සහ දියණියට රුපියල් ලක්ෂය බැගින් රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලක් ගෙවන ලෙස ද නියෝග කර තිබේ.
කටුනායක ටී.කේ.ජී.කපිල