Monday, April 21, 2025
Home » මේ මාසයේ සිට ඩිජිටල් හැඳුනුම්පතක්

මේ මාසයේ සිට ඩිජිටල් හැඳුනුම්පතක්

by chanaka
January 14, 2025 12:46 pm 0 comment

ඩිජිටල් හැඳුනුම්පත මේ මාසයේ සිට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (14) පැවති මාධ්‍ය හමුවකදී ය.

අලුතින් ලබාදෙන සියලුම හැඳුනුම්පත් ඩිජිටල් කිරීමට බලාපොරොත්තු වන බවත් මේ වනවිටත් හැඳුනුම්පත් ලබාගැනීමේ විශාල පරක්කුවක් පවතින බැවින් එය අවම කිරීමට මේ තුළින් කටයුතු කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

එමෙන්ම ඩිජිටල් හැඳුනුම්පත් පද්ධතිය සකස් කිරීමට රු බිලියන 20ක් වැනි පිරිවැයක් දැරීමට සිදුවන බැවින් ඉන් අඩක් හෝ ඉන්දීය ආධාර යටතේ ලබාගැනීමට තීරණය කර ඇති බව ද එරංග වීරරත්න මහතා සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT