Monday, April 21, 2025
Home » පොළොන්නරුව – සෝමාවතිය මාර්ගයේ යන අයට දැනුම් දිමක්

පොළොන්නරුව – සෝමාවතිය මාර්ගයේ යන අයට දැනුම් දිමක්

by chanaka
January 14, 2025 12:38 pm 0 comment

පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පොළොන්නරුව – සෝමාවතී මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් වාහන ගමනාගමනය සීමා කර තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ සෝමාවතී මාර්ගයේ 36 කණුව අසල මේ වන විට අඩි දෙක හමාරක් පමණ ජලයෙන් යටවී ඇති බවයි.

ඊයේ(13) සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් මහවැලි ගගේ ජල මට්ටම ඉහළ යාමෙන් මෙම ගංවතුර තත්ත්වය ඇතිව තිබේ.

සෝමාවතිය වන්දනා කිරීම සදහා පැමිණ සිටිපිරිස් ඔවුන් පැමිණ බස්රථවලින් වැලිකන්ද දෙසින් පිටත් කර හැරීමට පොලිසිය පියවර ගෙන ඇත. එසේම මේවන විට පොලිස් ජීවිත ආරක්ෂක රාජකාරී නිලධාරීන් යොදවා ඇතැයි ද පොලිසිය සදහන් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT