Home » ලොස් ඇන්ජලීස් බලධාරීන් තද සුළං ප්‍රවාහයන්ට සූදානම් වෙයි

ලොස් ඇන්ජලීස් බලධාරීන් තද සුළං ප්‍රවාහයන්ට සූදානම් වෙයි

by chanaka
January 14, 2025 9:52 am 0 comment

ලැව්ගිනි ව්‍යාප්තියට උපකාරී වන තද සුළං ප්‍රවාහය නැවත ඇති විය හැකි බවට වන කාලගුණ අනාවැකිවලින් පෙනී යන බැවින් ලොස් ඇන්ජලීස් වැසියන් තවදුරටත් ව්‍යසනකාරී තත්ත්වයට සූදානම් වෙමින් සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ලොස් ඇන්ජලීස් නගරාධිපති කැරන් බාස් පවසා සිටින්නේ පුරෝකථනය කර ඇති සුළංවලට පෙර “හදිසි සූදානම් වීම්” සිදු කරමින් සිටින බවයි.

එසේම ලොස් ඇන්ජලීස් ප්‍රාන්ත ගිනි නිවන ප්‍රධානී ඇන්තනි මැරෝන් ප්‍රාන්ත පදිංචිකරුවන්ට දැනුම් දී ඇත්තේ ‘ඕනෑම හදිසි ඉවත් කිරීමේ නියෝගයකට’ අවනත වීමට සූදානම්ව සිටින ලෙසයි.

මේවන විට ලැව්ගිනි හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 24 දෙනෙකු මිය ගොස් ඇතැයි සදහන් වේ.

විශාලතම හානියක් සිදුව ඇති පැලිසේඩ්ස් හි ලැව් ගිනි හේතුවෙන් අක්කර 23,000 කට වඩා දැවී ගොස් ඇති අතර සඳුදා සවස වන විට 14% ක් ගින්න පාලනය කර ඇති බව කියැවේ.

ඊටන් සහ පැලිසේඩ්ස් ගිනි නිවන කලාපවල පුද්ගලයින් 23දෙනෙකු අතුරුදන්ව ඇත.

මේ අතර ඊයේ බලධාරීන් නිවේදනය කර තිබුණේ කොල්ලකෑම් සම්බන්ධයෙන් පුද්ගලයින් නව දෙනෙකු සහ ගිනි තැබීම් සම්බන්ධයෙන් එක් අයෙකු අත්අඩංගුවට ගත් බවයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT