Home » ජනපති චීනයට ළඟා වෙයි

ජනපති චීනයට ළඟා වෙයි

by chanaka
January 14, 2025 9:32 am 0 comment

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීන රාජ්‍ය සංචාරයට පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එරට වේලාවෙන් අද (14) පෙරවරු 10.25 පමණ චීනයේ බීජිං ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.

එහිදී චීන හමුදාවේ උත්කර්ෂවත් බුහුමන් සහිතව චීන නියෝජ්‍ය විදේශ අමාත්‍ය චෙන් ශියාඩොන් මහතා විසින් ජනාධිපතිවරයා පිළිගන්නා ලදී.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන 17 වැනිදා දක්වා චීනයේ රැඳී සිටිනු ඇත.

මෙම රාජ්‍ය සංචාරයේදී චීන ජනාධිපති ෂී ජින් පිං සහ චීන අග්‍රාමාත්‍ය ලී ව්‍යං යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් රැසක් හමුවීමට නියමිතය.

අමාත්‍යවරුන් වන විජිත හේරත්, බිමල් රත්නායක සහ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ.බණ්ඩාර යන මහත්වරුන්ද මෙම සංචාරයට එක්ව සිටියි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පැමිණීම වෙනුවෙන් බීජිං නගරයේ මාර්ග රැසක් චීන සහ ශ්‍රී ලාංකික ධජවලින් සරසා ඇති අයුරු දැකගත හැකිය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT