Monday, April 21, 2025
Home » ත්‍රිත්වයේ දිමන්තගෙන් ද්විත්ව ශතකයක්

ත්‍රිත්වයේ දිමන්තගෙන් ද්විත්ව ශතකයක්

by sachintha
January 13, 2025 1:00 am 0 comment

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියේදී ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට මහනුවර ත්‍රිත්ව විදුහලේ ආරම්භක පිතිකරු දිමන්ත මහවිතාන සමත් විය.

මොරටුව සාන්ත සෙබස්තියන් විදුහලට එරෙහි තරගයේදී පන්දු 270කට මුහුණ දුන් දිමන්ත නොදැවී ලකුණු 201ක් රැස් කළේ හතරේ පහර 15ක් සහ හයේ පහරක් සමඟිනි. තවත් තරගයකදී මෙවර තරගවාරයේ තම සිව්වැනි ශතකය රැස් කිරීමට මොරටු විදුහල් නායන ඉසුරු ප්‍රනාන්දු සමත් විය.

මේ තරගවලදී අවිනාෂ් ප්‍රනාන්දු (ගල්කිස්ස සාන්ත තෝමස්) සහ චාර්ය පරණවිතාන (ගාල්ල සාන්ත ඇලෝසියස් විදුහල) යන ක්‍රීඩකයන් ද ශතක රැස් කළහ. මේ සියලු තරග ජය පරාජයෙන් තොරව නිමා විය.


ත්‍රිත්ව – සා. සෙබස්තියන්

ත්‍රිත්ව පළමු ඉනිම – 400/6 (ඕවර 91.4) දිමන්ත මහවිතාන නොදැවී 201, වතිල උදාර 85, පුලිෂ තිලකරත්න 41, ඩිනාල් ප්‍රනාන්දු 41 (මලින්ත සිල්වා 139/3) මොරටුව සා. සෙබස්තියන් පළමු ඉනිම – 12/1 (ඕවර 7)

සා. තෝමස් – වෙස්ලි

ගල්කිස්ස සා. තෝමස් පළමු ඉනිම – 246/9 (ඕවර 71.1) අවිනාෂ් ප්‍රනාන්දු 122, සදෙව් සොයිසා 49, කවිඳු ඩයස් 27 (කවිඳු අමරසිංහ 27/3, දිනුජ සමරරත්න 2/39, සිතුක හංසිත් 68/2) සහ දෙවැනි ඉනිම – 169/4 (ඕවර 28.5) දිනෙත් ගුණවර්ධන 86, ජේඩ්න් අමරවීර 55

වෙස්ලි පළමු ඉනිම – 303/9 (ඕවර 82) අනුග පහන්සර 70, ලිතුම් සෙනුජ 66, රුක්ෂාන් තරංග 55, එහේන් අලි නොදැවී 26, අහමඩ් අල් නහ්යාන් 25 (කවිඳු ඩයස් 62/4)

ධර්මරාජ – සා. ඇලෝසියස්

ධර්මරාජ පළමු ඉනිම – 158 (ඕවර 58.4) කාශ්‍යප දිසානායක 48, ඔනිජ සේසත් 33, පුලිඳු පෙරේරා 30 (තීක්ෂණ තාරුක 30/4, කවිඳු කේෂර 22/2, දුල්සත් නිම්විරු 34/2) සහ දෙවැනි ඉනිම – 102/4 (ඕවර 24) කාශ්‍යප දිසානායක 45, ඉසුරු පන්නල 24 (තීක්ෂණ තාරුක 23/2, දුල්සත් නිම්විරු 47/2)

සා. ඇලෝසියස් පළමු ඉනිම – 357/7 (ඕවර 91.2) චාර්ය පරණවිතාන 105, කවිඳු කේෂර 89, විනෝද් ධනුෂ්ක 58, දෙනෙත් දෙව්මින්ද 42, තීක්ෂණ තාරුක 35 (දක්ෂික මනුකල්ප 65/4)

මොරටු විදුහල – කළුතර සිරිකුරුස

මොරටු විදුහල් පළමු ඉනිම – 265 (ඕවර 78.5) ඉසුරු ප්‍රනාන්දු 129, මලිත් පෙරේරා 39, විහඟ නෙත්සර 21 (හිමරු දීෂාන් 84/3, සනුක චෙරාන් 37/2, විහඟ සිල්වා 73/2)

කළුතර සිරිකුරුස පළමු ඉනිම – 62 (ඕවර 24.1) (මලිත් පෙරේරා 29/4, නිශිත ප්‍රනාන්දු 11/4) සහ දෙවැනි ඉනිම – 165/9 (82) ආකාෂ් සත්සර 50, සනුක චෙරාන් 42, ෆිර්නාස් ජේමන් 23 (සඳුන් සුදර්ශන 42/4, ඉසුරු ප්‍රනාන්දු 4/2, නිශිත ප්‍රනාන්දු 20/2)

ඉෂානි යද්දෙහි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT