33
කාලයක් තිස්සේම මහා පරිමාණයෙන් නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් කරන 64 හැවිරිදි කාන්තාවක කේරළ ගංජා හා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අහුන්ගල්ල ප්‍රදේශයේදී පෙරේදා (11) සවස අත්අඩංගුවට ගත් බව ඇල්පිටිය කොට්ඨාස දූෂණ මර්දන අංශය පවසයි.
කේරළ ගංජා ග්‍රෑම් 476යි, මිලිග්‍රෑම් 200ක් සහ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 3200ක් සමඟ අත්අඩංගුවට ගත් මෙම කාන්තාව ‘කුඩු නෝනේ’ යන අන්වර්ථ නාමයෙන් ප්‍රදේශවාසීන් හඳුන්වන බවද පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් කාන්තාව සහ මත්ද්‍රව්‍ය තොගය අහුන්ගල්ල පොලීසිය වෙත භාරදී ඇති අතර බළපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ඇල්පිටිය සමූහ චන්ද්‍රසිරි ගුණසේකර