2025 නව වසරේ දළදා සමිඳුන් උදෙසා සිදුකළ සතර මහා මංගල්ලයන්ගෙන් ප්‍රතම මංගල්ලය වූ “අලුත් සහල් මංගල්ලයේ” අලුත්සහලින් පිසූ බුද්ධ පූජාව අද (13) දුරුතු පුර පසළොස්වක පොහෝ දින පෙරවරුවේ දළදා සමිඳු අභියස පූජා කිරීම චිරාගත සම්ප්‍රදායානුකූලව සිදු විය.
ශ්‍රී දළදා මාලිගාව සතු නින්දගම්වලින් ලැබෙන අස්වැන්නේ පළමු වන අග්‍ර භාගය අතීතයේ සිටම දුරුතු පොහෝ දින දළඳා සමිඳුන් වෙත පූජා කිරීම මේ අනුව සිදු කෙරේ.
ඒ අනුව දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමන් සහ තේවාව භාර නාහිමියන් සහ ශ්‍රී දළදා මාලිගාවේ කාර්ය මණ්ඩලය විසින් චාරිත්‍රානුකූලවම අලුත් සහල් මංගල්‍යය පවත්වනු ලැබීය. දළදා මාලිගාවේ වී අටුව පල්ලේකැලේ ඉදිකර ඇති අතර එතැන සිට පෙරහරින් අලුත් සහල් මංගල්‍යය සඳහා සහල් රැගෙන ඒම සිදු කෙරෙන අතර රැගෙන ආ සහල් සුරක්ෂිතව තබා දුරුතු පුන් පොහෝ දින දහවල් දළදා සමිඳුන් වෙත පූජා කිරීම සිදු කෙරේ.