Home » ශ්‍රී ලාංකිකයන් දන්දුන් ඇස් වලින් විදේශිකයන් 3000 කට පෙනීම ලබා දෙයි

ශ්‍රී ලාංකිකයන් දන්දුන් ඇස් වලින් විදේශිකයන් 3000 කට පෙනීම ලබා දෙයි

by chanaka
January 13, 2025 12:26 pm 0 comment

2024 වසරේදී ශ්‍රී ලාංකිකයන් දන්දුන් ඇස් වලින් විදේශිකයන් 3163 දෙනකුට ලෝකය දැකීමට වරම් හිමි වී තිබේ.

පසුගිය වර්ෂයේදී (2024)මෙරට 7144 දෙනෙකු ඇස් දන්දුන් බව ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු ජගත් සමන් මාතරආරච්චි මහතා ප්‍රකාශ කරයි.

ශ්‍රී ලාංකික අක්ෂි ආබාධිත පුද්ගලයින්1475 දෙනකුට ද පසුගිය වසරේදී ඇස් පරිත්‍යාග කළ බවත් 20,3000 දෙනකු සිය ඇස් දන්දීමට ලියාපදිංචි වී සිටින බවත් ඔහු පැවසීය. දන් දුන් ඇස්වලින් 1025ක් අක්ෂි ශල්‍ය පුහුණුවීම් ලබන වෛද්‍යවරුන්ගේ අධ්‍යාපනය සඳහා සපයා තිබේ.

මෙලෙස විදේශිකයින්ට ඇස් පරිත්‍යාග කොට ඇත්තේ යේමනය, ඊජිප්තුව, කෙන්යාව, ජපානය ඇතුළු රටවල් රැසක අන්ධ පුද්ගලයින්ට ය. මේ අතර ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය පසුගිය වසරේදී ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම 2300ක් නොමිලේ සිදු කොට ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT