මේ වන විට වාහන මත පැනවෙන සියයට 300ක පමණ වන ආනයන බද්ද සියයට 400ක් හෝ සියයට 500ක් දක්වා ඉක්මවා ඉහළ යා හැකි බවත් අලුතෙන් වාහන ගන්න ඇඩ්වාන්ස් දෙන්න හදිසි නොවන ලෙසත් ශ්රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
එලෙස වාහන මිල ගණන්වල වැඩිවීම කෙරෙහි වැට් ඇතුළු තවත් බදු වර්ග තුනක් ද බලපා ඇති බව ඒ සම්බ්නධායෙන් අදහස් දක්වමින් එම සංගමයේ සභාපති ප්රසාද් මානගේ මහතා පැවසීය.
වාහනයේ වටිනාකම මත විශේෂ ආනයන බද්දක්, සුඛෝපභෝගී බද්ද CIF වටිනාකමත් එකතු කර සියයට 18%ක වැට් එකතු වෙන බව කී ඒ මහතා බදු වර්ග 04කින් වාහනයක බදු ප්රමාණය තීරණ වන බව ද කීවේය.
මේ හේතුවෙන් මේ වනවිට පවතින වාහනවලද මිල සුළු වශයෙන් ඉහළ යා හැකි බවත් හෙතෙම සඳහන් කළේය.
මෙවන් පසුබිමක මෝටර් වාහන ආනයනයේ දී නව බදු සංශෝධන ඇතුළත් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය ඊයේ සිට බලපැවැත්වේ.
කවුරුවත් මේ සම්බන්ධයෙන් කළබල වෙන්න එපා. මේ තියෙන්නේ වාහනයේ බද්ද නෙමෙයි. මේ ගණන් තියෙන්නේ අවුරුදු තුනක් සඳහා පමණයි. දැනට කවුරුත් කළබල වෙලා කිසිවකුට අත්තිකාරම් දෙන්න යන්න එපා එදාට නිවැරදි ගණන් හිලව්වලට අනුව නිවැරදි ගණන් ගැන දැනුම් දිය හැකි යැයිද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
සුභාෂිණී සේනානායක