Sunday, April 20, 2025
Home » කළුතර හිටපු දිසා ඇමැති ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි අභාවප්‍රාප්ත වෙයි

කළුතර හිටපු දිසා ඇමැති ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි අභාවප්‍රාප්ත වෙයි

by sachintha
January 13, 2025 1:00 am 0 comment

කළුතර දිස්ත්‍රික් හිටපු දිසා ඇමැතිවරයකු ලෙස කටයුතු කළ දේශබන්දු ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

1977 වසරේදී එක්සත් ජාතික පක්ෂයෙන් හොරණ ආසනයට තරග කොට විශාල ජනවරමක් ලබා පාර්ලිමේන්තුවට තේරී පත් වූ ඒ මහතා කළුතර දිසා අමාත්‍ය ධුරය හොබවා 89 වසරේදී කැබිනට් අමාත්‍යවරයකු ලෙසින් පොල් කර්මාන්ත හා භෝග විවිධාංගීකරණ අමාත්‍යවරයා ලෙසින් විශාල මෙහෙවරක් ඉටු කර තිබේ.

50 දශකයේ මුල් භාගයේදී කුඹුකේපත්තුවේ ගම් සභාවේ, ගම් සභාපති ධුරයට පත් වූ ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මහතා නැසී ගිය ප්‍රසිද්ධ ඉඩම් හිමි වැවිලිකරුවකු වූ දොන් හෙන්රි පේද්‍රික් සහ කළුබෝවිල මේරි දෝනා ගුණතිලක යුවළගේ බාල දරුවා ලෙස 1927 ඔක්තෝබර් 13 වැනිදා දින උපත ලැබීය.

පක්ෂ භේදයකින් තොරව ජනතාවට විශාල මෙහෙවරක් ඉටු කර ඇති දේශබන්දු ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මහතා මිය යනවිට 98 වැනි වියේ පසුවිය. මහජන ගෞරවය සඳහා ඒ මහතාගේ දේහය අද (13) පෙ.ව. 9.00 සිට ප.ව. 6.00 දක්වා බොරැල්ල, ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර, අද රාත්‍රී 8.00ට හොරණ, පොකුණුවිට, Òඅජන්තාÓ, නිවෙසේ තැන්පත් කෙරේ. අවසන් කටයුතු අනිද්දා (15) බදාදා ප.ව. 3.30 පොකුණුවිට දේශබන්දු ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි ජනසෙත පදනම ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට කටයුතු යොදා තිබේ.

හල්තොට සමූහ විනීතා මානෙල් ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT