Home » පැහැරගත් සිසුවිය අම්පාරෙන් හමුවෙයි

පැහැරගත් සිසුවිය අම්පාරෙන් හමුවෙයි

by chanaka
January 13, 2025 11:46 am 0 comment

ගම්පොළ, ගෙළිඹය ප්‍රදේශයේදී පෙරේදා උදෑසන වෑන් රථයකින් පැමිණ පැහැරගත් දවුලගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ 19 හැවිරිදි දියණිය අම්පාර බස් නැවතුම්පළේදී සොයා ගැනීමට පොලිසිය සමත් වී තිබේ.

එහිදී ඇය සමඟ සිටි සැකකරු ද අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

මෙම සැකකරු අදාල සිසුවිය පැහැර ගැනීමෙන් අනතුරුව ත්‍රිරෝද රථ තුනක් ස්ථාන කිහිපයකදී මාරු වෙමින් ඇයව අම්පාර ප්‍රදේශයට රැගෙන විත් ඇත.

පොලිසිය සඳහන් කළේ, එහිදී අද උදෑසන අදාළ සැකකරු විසින් මෙම සිසුවියට ඇයව නිවෙස වෙත නැවත ඇරලවන බව පවසා අම්පාර බස් නැවතුපොලට පැමිණ නුවර බලා ධාවනය වීමට නියමිත බස් රථයකට ගොඩවී ඇති අතර, එහිදී ඇයට නිහඬව සිටින ලෙසට තර්ජනය කර ඇති බවයි.

උසස් පෙළ පෞද්ගලික පංතියකට සහභාගි වීම සඳහා යෙහෙළියක සමඟ දවුලගල නගරයට යමින් සිටිය දී කළු පැහැති වෑන් රථයකින් පැමිණි පිරිසක් පෙරේදා පෙරවරුවේ පෙරවරු 7.15 ට පමණ මෙම පැහැර ගැනීම සිදු කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම පැහැර ගැනීම සිදුවූ අවස්ථාවේදී ඇයව පෙම්වතා විසින් පැහැරගත් බවට තොරතුරු වාර්තා වූ නමුත් විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ ඇය විවාහා කර ගැනීමේ අපේක්ෂාවෙන් කලක පටන් පසු වූ මස්සිනා විසින් මෙම පැහැර ගැනීම සිදු කර ඇති බවයි.

සිසුවිය පැහැරගෙන ගොස් රඳවා තබාගෙන සිටින මෙම ඥාති සහෝදරයා මුලින් රුපියල් ලක්ෂ 50ක කප්පම් මුදලක් ඉල්ලා තිබෙන අතර පසුව ඔහු එය ලක්ෂ 30 දක්වා අඩු කර තිබේ.

මෙලෙස පැහැර ගැනීමට ලක්වූ සිසුවිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කළේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT