අමෙරිකාවේ ලොස්ඇන්ජලීස් හි ව්‍යාප්ත වන ලැව්ගිනි තත්වය මැඩපැවැත්වීමට, එරට ගිනි නිවන ආරක්ෂක අංශ තවදුරටත් දැඩි පරිශ්‍රමයක් ගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රාන්තය පුරා පැතිර යන ලැව්ගිනි තත්වයෙන් මෙතෙක් මිය ගිය සංඛ්‍යාව 24 දක්වා ඉහළ ගොස් තිබේ. තවත් 16 දෙනෙකු අතුරුදන්ව ඇත.
කැලිෆෝනියා කාලගුණික අංශ අනතුරු අඟවන්නේ, මේ සතිය තුළදී සුළං තත්වය තවදුරටත් වර්ධනය වීමේ අවදානමක් පවතින බවයි.
ලැව්ගිනි තත්වයෙන් විශාල හානියක් සිදුවීමට ප්‍රධානතම හේතුව වූයේ මෙම සුළං තත්වය බව ඔවුන් පෙන්වා දෙයි.
‘පලිසේඩ්ස් ඊටව් හර්ස්ට්’ ප්‍රධාන ලැව් ගිනි කාණ්ඩ 3 ක් ලොස්ඇන්ජලීස් නගරය අවට කලාපය පුරා පැතිර යමින් පවතින අතර, ඇතැම් ප්‍රදේශවල ගින්න මර්දනය කිරීමේ සුළු වර්ධනයක් දක්නට ලැබුණත්, පවතින තත්වය තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතින බව බලධාරීන් පෙන්වා දෙයි.
ප්‍රධාන ලැව්ගිනි කාණ්ඩ 3 හේතුවෙන්, මේ වන විට අක්කර 40,000 කට වැඩි භූමි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, ඉන් සිදුව ඇති මූල්‍ය හානිය අමෙරිකානු ඩොලර් බිලියන 250 ත් 275 ත් අතර අගයක් වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ගිනි නිවන හමුදාවන් මේ වන විට විශාල කාණ්ඩයේ ගිනි නිවා දැමීම සඳහා දැඩි අවධානයක් යොමු කර ඇති අතර, 15,000 කට ආසන්න ගිනි නිවන හමුදාභට පිරිස් ගින්න නිවා දැමීම සඳහා යොදවා ඇති බව, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.