Home » සමුද්‍රීය සේද මාවත හරහා භාණ්ඩ ප්‍රවාහනය අඛණ්ඩව ඉහළට

සමුද්‍රීය සේද මාවත හරහා භාණ්ඩ ප්‍රවාහනය අඛණ්ඩව ඉහළට

by chanaka
January 13, 2025 12:18 pm 0 comment

2024 වසරේ චීනයේ “Silk Road Maritime” හෙවත් සමුද්‍රීය සේද මාවත ඔස්සේ අවසන් කෙරුණු බහාලුම් භාණ්ඩ‍ ගොඩ බෑමේ හා පැටවීමේ ධාරිතාව කන්ටේනර මිලියන 5කට ආසන්න ය.

ඒ අතර බහාලුම් නැව් ගත කිරීම සමස්තයක් ලෙස 4713 වතාවක් සිදු කර තිබේ.

සමුද්‍රීය සේද මාවත යනු එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල වෙනුවෙන් චීනයේ ජාත්‍යන්තර නැව් කටයුතු සඳහා වන ප්‍රථම භාණ්ඩ ප්‍රවාහන සේවා වේදිකාවකි.

මෙම සමුද්‍රීය සේද මාවත ඔස්සේ භාණ්ඩ ප්‍රවාහනය 2018 වසරේ දී ආරම්භ වූ පසු, 2024 වසරේ දෙසැම්බර් මස 31 වනදා වනවිට 17633 වතාවක් බහාලුම් නැව්ගත කිරීම් සිදු කර ඇත. සමස්ත බහාලුම් භාණ්ඩ‍ ගොඩ බෑමේ හා පැටවීමේ ධාරිතාව කන්ටේනර මිලියන 20.83කි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT