Tuesday, April 8, 2025
Home » අමෙරිකාවෙන් වරෙන්තු ලැබූ නිකොලස් මදුරෝ තුන්වැනි වරටත් වෙනිසියුලාවේ ජනපති වෙයි

අමෙරිකාවෙන් වරෙන්තු ලැබූ නිකොලස් මදුරෝ තුන්වැනි වරටත් වෙනිසියුලාවේ ජනපති වෙයි

-නිවැරදි ඔත්තුවට අමෙරිකාවෙන් ඩොලර් මිලියන 25ක තෑග්ගක්

by sachintha
January 13, 2025 1:00 am 0 comment

වෙනිසියුලාවේ නව ජනාධීපති ලෙස නිකොලස් මදුරෝ අඛණ්ඩව තුන්වැනි වරටත් දිවුරුම් දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වසර 2013 සිට අඛණ්ඩව එරට ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන 62 හැවිරිදි මදුරෝ සිය තුන්වැනි ධුර කාලය සඳහා දිවුරුම් දෙනු ලැබුවේ කුමන්ත්‍රණකාරී ජයග්‍රහණයකින් බවට ප්‍රධාන විපක්ෂයේ චෝදනා එල්ල වෙමින් තිබියදී බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

වෙනිසියුලාවේ ජනාධීපතිවරයා වසර 2020 සිට අමෙරිකානු රජයේ මත්ද්‍රව්‍ය සහ දූෂණ, වංචා චෝදනාවලට ලක්වී සිටින අතර, ඔහුට එරෙහිව සම්බාධක රැසක් ද පනවා තිබූ බව ද වාර්තා වේ. තුන්වැනි වරටත් ජනපති ධුරයේ දිවුරුම් දීමත් සමඟ නිවේදනයක් නිකුත් කරමින් අමෙරිකානු රජය ප්‍රකාශ කර ඇත්තේ ඔහු අත්අඩංගුවට ගැනීමට නිවැරදි ඔත්තුව සපයන්නකුට අමෙරිකානු ඩොලර් මිලියන 25ක මුදල් ත්‍යාගයක් පිරිනමන බවය.

බස් රථ රියැදුරකු ලෙස සිය වෘත්තිය ආරම්භ කළ නිකොලස් මදුරෝ දේශපාලනයට එක්වී ඇත්තේ වෘත්තීය සමිති නායකයකු ලෙස කටයුතු කිරීමෙන් බවත්, ඔහු එවකට වෙනිසියුලාවේ හිටපු ජනාධීපති හියුගෝ චාවේස්ගේ පක්ෂයට එක්වී වසර 2000දී පාර්ලිමේන්තුවට පිවිසි බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පසුව චාවේස්ගේ රජයේ උපජනාධිපතිවරයා ලෙස කටයුතු කළ මදුරෝ ප්‍රථම වරට ජනපති ධුරයට පත්වූයේ 2013 වසරේ මැද භාගයේ චාවේස්ගේ අභාවයෙන් පසුව බවද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT