රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් සංකල්පයට අනුව “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට සමගාමීව බන්ධනාගාර දෙපාර්තමේන්තුව තුළ වැඩසටහන් ගණනාවක් ඊයේ (11) බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බන්ධනාගාර පරිශ්‍රය තුළදී ආරම්භ විය.
මෙම ක්‍රියාවළිය යටතේ මහජනතාවට බන්ධනාගාර දෙපාර්තමේතුව පිළිබද යෝජනා හා අදහස්, බන්ධනාගාර නිළධාරීන් හා රැදවියන් සම්බන්ධව පැමිණිළි හා ඊට අදාල ලේඛන උඩුගත කිරීම සදහා බන්ධනාගාර නිළ වෙබ් අඩවිය වන www.prisons.gov.lk යන වෙබ් අඩවියේ පැමිණිලි හා ප්‍රශංසා යන යොමුව වෙන්කරණු ලැබූ අතර, එම ක්‍රියාවලිය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ අධීක්ෂණය යටතේ ඉතා කාර්යක්ෂමව සිදුකරනු ලබයි.
තවද, බන්ධනාගාර නිලධාරීන් සදහා රාජකාරීමය වශයෙන් පුද්ගලික ලිපි ගොණු සම්බන්ධයෙන් ඇති ගැටළු හා දුක් ගැනවිලි විමසා බැලීම සදහා නව ඒකකයක් බන්ධනාගාර මූලස්ථානය තුළ පිහිටුවන ලදී.
එමෙන්ම මෙම වැඩසටහනේ තවත් එක් පැතිකඩක් ලෙස පාරසරික පවිත්‍රතාවය සම්බන්ධයෙන්ද අවදානය යොමු කර දිවයිනේ සෑම බන්ධනාගාර ආයතනයන් තුළ අද දින සිට සතියක කාලයක් ක්‍රමානුකූලව පවිත්‍රතා කටයුතු සිදුකිරීම ආරම්භ කරණු ලබයි. එහි සමාරම්භය සනිටුහන් කරමින් කොළඹ බන්ධනාගාර පරිශ්‍රයේ පවිත්‍රතා කටයුතු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ අධීක්ෂණය යටතේ ආරම්භ විය.