Home » ඉන්දීය ආරක්‍ෂක උපදේශක හා ශ්‍රී ලංකා නියෝජ්‍ය ආරක්‍ෂක ඇමති අතර හමුවක්

ඉන්දීය ආරක්‍ෂක උපදේශක හා ශ්‍රී ලංකා නියෝජ්‍ය ආරක්‍ෂක ඇමති අතර හමුවක්

by chanaka
January 11, 2025 9:32 am 0 comment

නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර මහතා සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතාන් ආනන්ද් මුකුන්දන් මහතා සහ සහකාර ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් මන්දීප් සිං නේගි මහතා අතර හමුවක් පැවැත්විණි.

ඒ ඊයේ (10) කොළඹ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලයේදී ය.

මෙම සුහද හමුව අතරතුර, ජනවාරි 26 වැනිදා ඉන්දියාවේ 76 වන ජනරජ දින සැමරුම් උත්සවයට සහභාගී වන ලෙස කපිතාන් මුකුන්දන් නියෝජ්‍ය අමාත්‍යවරයාට නිල ආරාධනයක් කළේය. ද්විපාර්ශ්වික ආරක්‍ෂක සහයෝගීතාව තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා ඇති අවස්ථා පිලිබඳවද දෙපාර්ශ්වයම මෙහිදී සාකච්ඡා කළහ.

තවද, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර, පවතින දිගුකාලීන හා ශක්තිමත් ආරක්‍ෂක සහයෝගීතාව පිළිබඳව මෙම හමුවේදී සාකච්ඡා වූ කරුණු අතර විය. දෙරට අතර, ශක්තිමත් පුද්ගලාන්තර සම්බන්ධතා වර්ධනය කිරීමේ වැදගත්කම නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අවස්ථාවේ අවධාරණය කළ අතර, ඉන්දියාවෙන් අඛණ්ඩව ලැබෙන හමුදා සහාය පිළිබඳ සිය කෘතඥතාව පළ කළේය.

මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම් සඳහා ඉන්දියාව දක්වන සහයෝගය මේජර් ජෙනරල් ජයසේකර අගය කළ අතර, මෙම දැවෙන ගැටලුවට එරෙහිව සටන් කිරීම සඳහා අන්‍යෝන්‍ය කැපවීම මෙහිදී අවධාරණය කළේය. මෙම හමුව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර, කල් පවතින මිත්‍රත්වය සහ සහයෝගීතා තවදුරටත් ශක්තිමත් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT