74
කොළඹ සිට පස්සර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පස්සර 15 කණුව ප්‍රදේශයේදී අද (11) උදෑසන 6:30ට පමණ අනතුරකට ලක්වී තිබේ.
රියදුරුට නින්දයෑම හේතුවෙන් අනතුර සිදුවී ඇතැයි වාර්තා වේ.
බස් රථය මාර්ගයෙන් ඉවතට පැන එහි ඉදිරිපස කොටස ප්‍රපාතයකට ලිස්සා ගොස් නතරවී ඇත.
අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් 13 දෙනෙකු පස්සර රෝහලට ඇතුළත් කර තිබේ.