Monday, April 21, 2025
Home » පස්සරදී බස් රථයක් අනතුරකට – 13 දෙනෙක් රෝහලට

පස්සරදී බස් රථයක් අනතුරකට – 13 දෙනෙක් රෝහලට

by chanaka
January 11, 2025 9:04 am 0 comment

කොළඹ සිට පස්සර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පස්සර 15 කණුව ප්‍රදේශයේදී අද (11) උදෑසන 6:30ට පමණ අනතුරකට ලක්වී තිබේ.

රියදුරුට නින්දයෑම හේතුවෙන් අනතුර සිදුවී ඇතැයි වාර්තා වේ.

බස් රථය මාර්ගයෙන් ඉවතට පැන එහි ඉදිරිපස කොටස ප්‍රපාතයකට ලිස්සා ගොස් නතරවී ඇත.

අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් 13 දෙනෙකු පස්සර රෝහලට ඇතුළත් කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT