Monday, April 21, 2025
Home » ලැව් ගිනි මැද්දේ ‘හැරී – මේගන්’ යුවළ ලොස් ඇන්ජලිස් යයි

ලැව් ගිනි මැද්දේ ‘හැරී – මේගන්’ යුවළ ලොස් ඇන්ජලිස් යයි

by chanaka
January 11, 2025 9:28 am 0 comment

 

කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලිස් වෙත මේ සතියේ බලපෑ ලැව්ගිනි හේතුවෙන් විපතට පත් වූවන් මුළු ගැසීමට බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් මාර්කල් කුමරිය පැමිණ තිබේ.

සසෙක්ස් හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය සිකුරාදා පැසඩෙනා සම්මේලන මධ්‍යස්ථානයට ගිය අතර එය ඇල්ටඩෙනා හි ඊටන් ගින්නෙන් විපතට පත් වූවන් රැදවීමේ ස්ථානයක් බවට පත්ව ඇත.

යුවළ විසින් 1,200 ක් පමණ ඉවත් වූවන්ට ආහාර බෙදා දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පැසඩෙනා නගරාධිපති වික්ටර් ගෝර්ඩෝ පැවසුවේ හැරී කුමරු සහ මේගන් බොහෝ දෙනෙකුට උදව් කිරීමට එක්වූ බවයි.

මේ අතර හැරී කුමරු සහ මේගන් බ්‍රහස්පතින්දා ඔවුන්ගේ වෙබ් අඩවියේ නිල ප්‍රකාශයක් පළ කරමින් ලැව්ගිනි විනාශකාරී ලෙස හැඳින්වීය. ගින්නෙන් විපතට පත් වූවන්ට සහාය ලබා දෙන සංවිධානවලින් ඉල්ලීමක් ද කර තිබුණි.

හැරී සහ මේගන් යුවළ මීට වසර හතරකට පෙර කැලිෆෝනියාවේ මොන්ටෙසිටෝ වෙත සංක්‍රමණය වූ අතර එය ලැව්ගිනිවලින් දැඩි ලෙස පීඩාවට පත් වූ ප්‍රදේශවලින් එකක් වන පැසිෆික් පැලිසේඩ්ස් සිට උතුරට පැය එකහමාරක පමණ දුරකින් පිහිටා ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT