Monday, April 21, 2025
Home » කැලිෆෝනියාවේ ආණ්ඩුකාරවරයා ජල හිඟය ගැන පරීක්ෂණයක් ඉල්ලයි

කැලිෆෝනියාවේ ආණ්ඩුකාරවරයා ජල හිඟය ගැන පරීක්ෂණයක් ඉල්ලයි

by chanaka
January 11, 2025 9:13 am 0 comment

අමෙරිකාවේ කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලිස් නුවරට බලපා ඇති ළැව් ගිනි තත්ත්වය හේතුවෙන් මේවන විට අවම වශයෙන් පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් ඇති අතර නිවාස සහ අනෙකුත් ව්‍යුහයන් 10,000 කට වඩා විනාශ වී ඇති බවට ගණන් බලා ඇතැයි වාර්තාවේ.

මේ අතර කැලිෆෝනියාවේ ආණ්ඩුකාරවරයා ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලා සිටින බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

ඒ ජල හිඟය ලොස් ඇන්ජලීස් ප්‍රදේශයේ ලැව්ගිනිවලට එරෙහි සටනට “බාධා” කළේ කෙසේද යන්න පිළිබඳව යන්න සොයා බැලීම සදහාය.

නගරය තුළ සහ ඒ අවට ඇති ලැව්ගිනිවලින් විනාශ වූ ප්‍රදේශවල රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වේ.

මේ අතර අදාළ ප්‍රදේශවල පොලිසිය සදහන් කර ඇත්තේ මෙම අමිහිරි අවස්ථාවේ දේපළ කොල්ලකෑම්වලට සම්බන්ධ ඕනෑම අයෙකු අත්අඩංගුවට ගන්නා බවයි.

අමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ලොස් ඇන්ජලීස් “යුද ස්ථානයක්” ලෙස හඳුන්වා ඇති අතර මරණ සංඛ්‍යාව තව දුටත් ඉහළ යාමට “බොහෝ විට” ඉඩ ඇති බවට අනතුරු අඟවා ඇත.

තද සුළං සඳහා වන කාලගුණ පුරෝකථනයන් හේතුවෙන් ලැව්ගිනි තවදුරටත් පැතිර යා හැකි බවට බියක් ඇති අතර ගිනි නිවීමේ කටයුතු තවදුරටත් දුෂ්කර වී ඇතැයි වාර්තා වේ.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT