Home » ජනපති අනුර, ලබන සතියේ චීන ජනපති හා අගමැති හමුවෙයි

ජනපති අනුර, ලබන සතියේ චීන ජනපති හා අගමැති හමුවෙයි

by chanaka
January 11, 2025 12:45 pm 0 comment

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ආරාධනය පරිදි 2025 ජනවාරි 14වැනිදා සිට 17වැනිදා දක්වා මහජන චීන සමූහාණ්ඩුවේ රාජ්‍ය සංචාරයක නිරත වීමට නියමිතය.

මෙම සංචාරය අතරතුරදී, ජනාධිපති දිසානායක මහතා ජනාධිපති ෂී ජින්පිං මහතා සමඟ අන්‍යෙන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වන අතර චීන අගමැති – ලී චියංග් හා චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති – ජාඕ ලජි යන මහත්වරුන් හමුවීමට නියමිත බව මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

මෙම සංචාරය, දෙරට අතර අතර දිගුකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT