Home » ධනංජය ද සිල්වාගේ අයියාගේ ගෙදරට පාතාලය රිංගයි – කඩුවෙනුත් කොටයි

ධනංජය ද සිල්වාගේ අයියාගේ ගෙදරට පාතාලය රිංගයි – කඩුවෙනුත් කොටයි

by chanaka
January 11, 2025 8:58 am 0 comment

පාතාලයට සම්බන්ධය යැයි කියන අයෙකු එල්ල කරන ලද කඩු පහරකින් බරපතල තුවාල ලබා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයකු වන ධනංජය ද සිල්වා මහතාගේ සහෝදරයකු වන සාවිත්‍ර රන්මාල් ද සිල්වා මහතා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය සඳහන් කරයි.

එම මහතා පදිංචිව සිටින රත්මලානේ පිහිටි නිවසට රාත්‍රී 8.15 පමණ කඩා වැදුණු පාතාලයට සම්බන්ධය යැයි කියන කණ්ඩායමක සිටි අයෙකු විසින් හිසට එල්ල කරන ලදැයි කියන කඩු පහරින් බේරීම සඳහා සාවිත්‍ර මහතා එක් අතක් එසවූ අවස්ථාවේ එම කඩු පාර එම අතට වැදී තුවාල සිදුවී ඇතැයි දැන ගැනීමට ඇත.

මෙම පාතාල කණ්ඩායමටද ඒ මහතා පහර දී ඇතැයි පැවසෙන අතර එම පහර දීම හමුවේ පාතාල කණ්ඩායම පලා ගොස්ඇතැයිද කියති.

ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් මෙම පාතාල කල්ලිය අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් දියත් කර ඇත.

ධනංජය ද සිල්වා මහතාගේ සහ සාවිත්‍ර මහතාගේ පියා වන දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ පොදු ජන පෙරමුණේ නාගිරික මන්ත්‍රීවරයකුව සිටි රංජන් ද සිල්වා මහතාද 2018 වසරේ දී පාතාල වෙඩික්කරුවකු විසින් එල්ල කරන ලද වෙඩි පහරකට ගොදුරු වීම මියගියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT