Home » මත්පැන් සහ දුම්වැටි මිල ඉහළට

මත්පැන් සහ දුම්වැටි මිල ඉහළට

by chanaka
January 11, 2025 8:34 am 0 comment

මත්පැන් සඳහා වන බදු ඉහළ දමමින් මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම සුරාබදු වැඩිකිරීම සිදුකර ඇත.

ඒ අනුව දළ වශයෙන් මත්පැන් මිල 06% ක පමණ ප්‍රමාණයකින් වැඩිවනු ඇති බව සඳහන් වේ.

ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්වැටි මිලත් ඉහළ නංවා තිබේ.

ඒ, සුරාබදු වැඩිකිරීම හේතුවෙනි.කාණ්ඩ හතරක් යටතේ මෙම මිල වැඩිකිරීම සිදුකෙරෙන බවයි ලංකා දුම්කොළ සමාගම නිවේදනය කර ඇත.

ඒ අනුව කැප්ස්ටන් සහ ජෝන් ප්ලේයර් ගෝල්ඩ් යන දුම්වැටි වර්ගවල මිල රුපියල් 05 බැගින් ඉහළ දමා ඇති අතර මිලිමීටර් 83 දිගැති ජෝන් ප්ලේයර් ගෝල්ඩ් ලීෆ් සහ ඩන්හිල් යන වර්ගවල දුම්වැටි මිල රුපියල් 10 බැගින් ඉහළ දමා ඇති බව සඳහන් වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT