23
බදුල්ල, තෙල්බැද්ද, කැන්දගොල්ල මාර්ගයේ තේ කර්මාන්ත ශාලාව අසල මාර්ගය ගිලාබැස කඩාගෙන යෑමට ලක්වීමෙන් අනතුරුදායක තත්ත්වයක් උදා වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.
මගී ප්‍රවාහන බස්රථ ඇතුළු රථ වාහන විශාල ප්‍රමාණයක් දිනපතා ගමන් කරන මෙම මාර්ගය දැනට පවතින වර්ෂාවත් සමඟ තවදුරටත් කඩාගෙන ගොස් විශාල අනතුරක් සිදු වීමට ඉඩකඩ ඇති බවද ජනතාව පෙන්වා දෙති. ඔවුන් බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ, මෙම මාර්ගයේ විශාල අනතුරක් සිදු වීමට පෙර එය පිළිසකර කර දෙන ලෙසයි.