Tuesday, April 8, 2025
Home » ගාලු දිස්ත්‍රික් පෝතක හා මානවක බාලදක්ෂ පුහුණුවේ දෙවැනි අදියර අවසන්

ගාලු දිස්ත්‍රික් පෝතක හා මානවක බාලදක්ෂ පුහුණුවේ දෙවැනි අදියර අවසන්

by mahesh
January 10, 2025 1:00 am 0 comment

නුවන් කොඩිකාර

ගාල්ල දිස්ත්‍රික් බාලදක්ෂ සංගමයේ පුහුණු කිරීමේ අංශය සංවිධාන කළ පෝතක බාලදක්ෂ හා මානවක බාලදක්ෂ දෙවැනි අදියර පුහුණු පාඨමාලාව ගාල්ල මවුන්ට් කැල්වරි උසස් පාසලේදී පසුගිය 3 වැනිදා සිට 5 වැනිදා දක්වා පැවැත්විණ.

පෝතක, බාලදක්ෂ හා මානවක යන අංශවල ආචාර්ය මහත්ම මහත්මීන් 39 දෙනකු පාඨමාලාව හැදෑරූ අතර, දිසා කොමසාරිස් උපුල් කලංසූරිය මහතාගේ මඟපෙන්වීම හා මූලිකත්වය යටතේ වැඩසටහන ක්‍රියාත්මක කෙරිණ. මෙය බාලදක්ෂ අංශය ජාතික පුහුණු කිරීම් මණ්ඩලයේ පුහුණු කිරීමේ නායක, සහාය මූලස්ථාන කොමසාරිස් ඉන්දික ප්‍රසන්න, පෝතක අංශය ජාතික පුහුණු කිරීම් මණ්ඩලයේ සහකාර අධ්‍යක්ෂ පුහුණු කිරීමේ නායිකා අම්බිකා ගුණසේකර, මානවක අංශය ජාතික පුහුණු කිරීම් මණ්ඩලයේ දකුණු පළාත් සම්බන්ධීකාරක, හිටපු ගාලු දිසා කොමසාරිස් පුහුණු කිරීමේ නායක කර්නල් ආනන්ද අල්විස් යන මහත්ම මහත්මීන් විසින් මෙහෙයවනු ලැබිණ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT