Home » බලධාරින්ගේ ඇස නොගැටුණු පාර ගම්මු එක්වී අලුත්වැඩියා කරති

බලධාරින්ගේ ඇස නොගැටුණු පාර ගම්මු එක්වී අලුත්වැඩියා කරති

by mahesh
January 10, 2025 1:00 am 0 comment

තඹුත්තේගම විශේෂ ඩබ්ලිව්. ප්‍රදීප්

දැඩි ලෙස අබලන්ව පැවැති හොරොව්පතාන, අඹගස්වැව හා දුටුවැව ගම්මාන වෙත ගමන් කරන ප්‍රවේශ මාර්ගය අලුත්වැඩියා කිරීම ජනතා සහභාගිත්වයෙන් ඉකුත් දා සිදු කෙරිණ.

ගම්මාන ගණනාවක ජනතාව සිය ගොවිපොළ නිෂ්පාදන වෙළෙඳපොළ වෙත ගෙන ගොස් ඇත්තේ මෙම මාර්ගය ඔස්සේය. මගී ප්‍රවාහන බස් රථයක් ද දිනපතා මෙම මාර්ගය ඔස්සේ ගමන් කරන අතර, විවිධ අවශ්‍යතා සඳහා ගැමියන්ට හොරොව්පතාන නගරයට පිවිසීමට ඇත්තේ ද මෙම මාර්ගය පමණි. ත්‍රස්ත තර්ජන හේතුවෙන්ම කලක් ගැමියන් අත්හැර ගොස් තිබූ මෙම ගම්මාන යළි ජනාවාස වූ පසුව එහි මාර්ගය පිළිසකර කරදෙන ලෙස වගකිවයුත්තන් වෙතින් කොතෙක් ඉල්ලීම් කළද පලක් නොවුණු බව ගැමියෝ පවසති. වගකිවයුත්තන් නිහඬ පසුබිමක වළ ගොඩැලි මතුවී දැඩි ලෙස අබලන්ව පැවති මෙම මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම අඹගස්වැව රජමහා විහාරාධිපති අඹගස්වැවේ ඉන්ද්‍රජෝති නායක හිමියන් ප්‍රධාන මහා සංඝරත්නයේ අනුශාසනා පරිදි ගැමියන්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණ. මාර්ගය අලුත්වැඩියා කිරීම සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ සැපයීම අනුරාධ සම්පත් ජනසහන පදනම මඟින් සිදු කරනු ලැබ ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT