පාරිභෝගික සේවා අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය මඟින් 2024 වර්ෂයේදී දිස්ත්‍රික්කය පුරා සිදු කරන ලද වැටලීම්වලදී පාරිභෝගික නීති කැඩූ වෙළෙන්දන් 407 දෙනකුට එරෙහිව නඩු පවරා රුපියල් තිස් නව ලක්ෂ විසිඅට දහසක මුදලක දඩ නියම කර ඇති බව බදුල්ල දිස්ත්‍රික්කයේ පාරිභෝගික කටයුතු අධිකාරියේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරි ශාන් යාපාරත්න මහතා පැවසීය.
එලෙස දඩ නියමවූවන් අතර වැඩි මිලට භාණ්ඩ අලෙවි කළ බව කියන වෙළෙඳුන් 175ක්, භාණ්ඩවල මිල ප්‍රදර්ශනය නොකළ වෙළෙන්දන් 185ක් ද සිටින බව ඔහු සඳහන් කළේය. කල් ඉකුත් වූ භාණ්ඩ අලෙවි කිරීම, භාණ්ඩවල විස්තර සඳහන් නොකළ භාණ්ඩ අලෙවි කිරීම, භාණ්ඩ සන්තකයේ තබාගෙන ඒවා නොමැති බව ප්‍රකාශ කිරීම ඇතුළු චෝදනාවන් යටතේ අනෙකුත් වෙළෙඳුන්ට දඩ මුදල් නියම කර තිබිණ. යාපාරත්න මහතා සඳහන් කළේ, පාරිභෝගික සේවා පනත සම්බන්ධයෙන් දිස්ත්‍රික්කයේ වෙළෙන්දන්, පාරිභෝගිකයන් සහ පාසල් ළමුන් දැනුම්වත් කිරීමේ වැඩසටහන් රාශියක් එම වසර තුළ පැවැත්වීමට කටයුතු කර ඇති බවයි.
පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන්, බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන යන මහත්වරුන්ගේ අධීක්ෂණය මත එම අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරි ශාන් යාපාරත්න මහතා සමඟ විමර්ශන නිලධාරින් වන ඊ.එම්.කේ.පී. ඒකනායක, එස්.ආර්.ඩි.එස්. චතුරංග, එම්.පී.එස්. බණ්ඩාර සහ එච්.එම්.ඒ.එම්. අමරසේකර යන අය මෙම වැටලීම් සිදු කළහ.