Friday, April 25, 2025
Home » කැබිනට් කමිටුවකින් පුනර්ජනනීය බලශක්ති ඒකකයක මිල තීරණය කරනවා

කැබිනට් කමිටුවකින් පුනර්ජනනීය බලශක්ති ඒකකයක මිල තීරණය කරනවා

ඇමැති කුමාර ජයකොඩි

by mahesh
January 10, 2025 1:00 am 0 comment

කැබිනට් කමිටුවක් මඟින් පුනර්ජනනීය බලශක්ති ඒකකයක මිල තීරණය කිරීම ඉදිරියේදී සිදු කරන බව බලශක්ති ඇමැති කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (09) පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහත්වරු වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.

ඇමැතිවරයා මෙසේද පැවසීය.

මේ සඳහා ස්ථාවර සාධාරණ මිලක් නියම කළ යුතුයි. පුනර්ජනනීය බලශක්තිය භාවිතය වැඩි කිරීම සඳහා වැඩපිළිවෙළ රැසක් ක්‍රියාවට නංවනවා.

පසුගිය ආණ්ඩු කාලයේ වැඩි මුදලකට විදුලිය ලබා ගැනීම නිසා විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 332ක ණයක් ගෙවීමට සිදුව ඇති අතර එම ණය ප්‍රමාණය කිසිදු අවස්ථාවක මහා භාණ්ඩාගාරයට පවරාගෙන නැහැ.

විදුලි බල මණ්ඩලයේ ණය කිසිවිටෙක රජයට පවරාගෙන නැහැ. ජනතාවගේ විදුලි බිල අඩු කිරීමේ කටයුතු ඉදිරියේදී සිදු කරනවා.

වසර 2025 සිට 2044 දක්වා වන සංවර්ධන වැඩපිළිවෙළේදී පුනර්ජනනීය බලශක්ති බලාගාර මෙරට ස්ථාපිත කිරීමේ වැඩසටහන් සක්‍රිය කරනවා. ටැරිෆ් සඳහා සාධාරණ ස්ථාවර මිලක් තීරණය කරනවා.

පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධයෙන් පසුගිය ආණ්ඩුව කාලයේ ඉදිරිපත් කර ඇති යෝජනා ක්‍රියාවට නැංවිය නොහැකි ඒවා වෙනවා. පුනර්ජනනීය බලශක්තිය වැඩසටහන් ක්‍රියාවට නැංවීමට ආයෝජකයන් 49ක් ඉදිරිපත්ව සිටිනවා.

එල්.එන්.ජී. බලාගාර දෙකක් මෙරට ස්ථාපිත අතර ඒ සඳහා අවශ්‍ය ද්‍රව ලබා ගැනීමට ප්‍රසම්පාදනයන් කැඳවීම නැවතත් සිදු කරනවා.

ඩීසල් බලාගාර ක්‍රියාවට නැංවීමට වඩා එල්.එන්.ජී. බලාගාර ක්‍රියාවට නැංවීම ලාභදායකයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT