Home » කාන්තාවන්ට සිදුවන විවිධ හිරිහැර ගැන විමර්ශනයක් සිදු කරනවා
පාර්ලිමේන්තුවේ 

කාන්තාවන්ට සිදුවන විවිධ හිරිහැර ගැන විමර්ශනයක් සිදු කරනවා

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න

by mahesh
January 10, 2025 1:00 am 0 comment

පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සේවය කරන කාන්තාවන්ට විවිධ හිරිහැර සිදුවන බවට මේ වනතෙක්ම කිසිදු පැමිණිල්ලක් ලැබී නැතැයි කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) ප්‍රකාශ කළේය. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේ සේවය කරන ඇතැම් කාන්තාවන්ට ලිංගික හිරිහැර සිදුවන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මතුකරන ලද කරුණක් සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

මුජිබර් රහුමාන් මහතා මෙසේද පැවසීය.

කෙසේ වුවද මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට මම මේ කාරණය ගැන ඔබතුමාගේ අවධානයට යොමු කරනවා. පසුගිය සති කිහිපය තුළ ජනමාධ්‍යවල පළ වුණා, මේ පාර්ලිමේන්තුවේ වැඩ කරන සේවිකාවන්ට වෙන ලිංගික හිරිහැර පිළිබඳව. මම හිතනවා මේ සම්බන්ධයෙන් ප්‍රධාන ලේකම්වරිය යම් යම් ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. සමහර අය වැඩ තහනම් කරලා තියෙනවා. සමහර අය විශ්‍රාම ගන්වලා තියෙනවා. ඒ වගේම කථානායකතුමනි විශේෂයෙන්ම තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ වැඩ කරන කාන්තාවන්ට නිතර නිතර විවිධ හිරිහැර කරන්න එතන ඉන්න බලධාරීන් කටයුතු කරනවා කියන පැමිණිල්ල වාර්තා වෙලා තියෙනවා. මම හිතන්නේ මේ පිළිබඳව පැමිණිලි රාශියක් ලැබිලා තියෙනවා. මේ ගැන වහාම පරීක්ෂණයක් පවත්වන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. වහාම මේ ගැන ක්‍රියාමාර්ග ගන්න. පාර්ලිමේන්තුවේ කාට හරි ලිංගික අතවර සිද්ධ වෙනවා නම් අපිටත් ඒක බලපානවා. මේ පිළිබඳව පරීක්ෂා කරලා වහාම ක්‍රියාමාර්ගයක් ගන්න.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT