Home » නාවික හමුදාවේ දක්‍ෂතම නිලධාරියාට ආරක්‍ෂක ලේකම්ගෙන් සුබපැතුම්

නාවික හමුදාවේ දක්‍ෂතම නිලධාරියාට ආරක්‍ෂක ලේකම්ගෙන් සුබපැතුම්

by mahesh
January 10, 2025 1:00 am 0 comment

රක්ෂණ ශ්‍රියන්ත

පාකිස්තානයේ කරච්චි නුවර පිහිටි පාකිස්තාන නාවික හමුදා විද්‍යාපීඨයේ 122 වැනි මධ්‍ය නිලධාරි පාඨමාලාවේ සහ 30 වැනි කෙටි සේවා නිලධාරි පාඨමාලාවේ විසිර යෑමේ හා අධිකාරියට පත් කිරීමේ පෙළපාළියේදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ මධ්‍ය නිලධාරි විමුක්ති තෙන්නකෝන් මහතා එම පාඨමාලාවේ දක්‍ෂතම නිලධාරියාට හිමි ගෞරවනීය අසිපත හිමි කරගැනීම වෙනුවෙන් ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා සිය හෘදයාංගම සුබ පැතුම් පිරිනැමීය.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහතා සමඟ පැමිණි මධ්‍ය නිලධාරි තෙන්නකෝන් මහතා ආරක්‍ෂක ලේකම්වරයා විසින් පෙරේදා (07) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී උණුසුම් ලෙස පිළිගන්නා ලදි.

මෙම හමුවේදී ආරක්‍ෂක ලේකම්වරයා මෙම නිලධාරියාගේ සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව ප්‍රශංසා කළ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සාර්ථක වෘත්තීය ජීවිතයක් සඳහා ද සුබ පැතුම් පළ කළේය.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් – පුහුණු රියර් අද්මිරාල් දම්මික විජේවර්ධන ද මෙම අවස්ථාවට සහභාගි විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT