Saturday, April 19, 2025
Home » අත්‍යවශ්‍ය භාණ්ඩ මත පනවා ඇති බදු අඩු කිරීමට රජය කටයුතු කර නෑ

අත්‍යවශ්‍ය භාණ්ඩ මත පනවා ඇති බදු අඩු කිරීමට රජය කටයුතු කර නෑ

මන්ත්‍රී සුජිත් සංජය

by mahesh
January 10, 2025 1:00 am 0 comment

රක්ෂණ ශ්‍රියන්ත

අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අය කරන බදු මුදල් සහ වැට් බදු මුදල් අඩු කිරීමට ජාතික ජන බලවේග රජය තවම කටයුතු කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයේ පෙරේදා (08) පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද පැවසීය.

“වර්තමාන ආණ්ඩුව බලයට පත්වී මේ වනවිට දින සියයක කාලයක් ගතවී තිබෙනවා. නමුත් රටේ පොදු ජනතාවට එම කාලයේ සතුටු වීමට හැකි කිසිදු දෙයක් සිදු වුණේ නෑ. වර්තමාන ජනාධිපතිවරයා විපක්ෂයේ සිටින කාලයේදී විදුලි බිල, ඉන්ධන මිල, අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු කරන ලෙස පැවති රජයන්ට බල කරමින් නොයෙකුත් ආකාරයේ විරෝධතා රට පුරා පවත්වන්න කටයුතු කළා. ඒ වගේම බඩු මිල අඩු කිරීමට නොහැකිවී තිබෙන්නේ රජය අය කරන අධික බදු නිසා බව ඔහු ප්‍රකාශ කළා. ජාතික ජන බලවේගයට බලය ලැබුණු වහාම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා අය කරන වැට් බදු මුදල ඉවත් කිරීමට පියවර ගෙන ජනතාවට සහන සලසා දෙන බව එදා අනුර දිසානායක මහතා ප්‍රකාශ කළා. නමුත් අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අය කරන බදු මුදල් සහ වැට් බදු මුදල් අඩු කිරීමට ජාතික ජන බලවේග රජය තවම කටයුතු කර නෑ.

ජනතාව බලාපොරොත්තු වුණා, ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ සහන රැසක් ලැබේවි කියලා. නමුත් අද එය සිහිනයක් බවට පත්වී තිබෙනවා. ඉන්ධන මිල සම්බන්ධයෙන් නොයෙකුත් ප්‍රකාශ ජාතික ජන බලවේගය ප්‍රකාශ කළා.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT