Home » පුංචි කැමලියා මිදුලේ පොකුණට බිලි

පුංචි කැමලියා මිදුලේ පොකුණට බිලි

by mahesh
January 10, 2025 1:00 am 0 comment

ගලගෙදර - බණ්ඩාර කේ. සමරතුංග

සෙල්ලම් කරමින් සිටි වයස අවුරුදු දෙකක ගැහැනු දරුවකු නිවෙසේ මිදුලේ පොකුණට වැටී ජීවිතක්ෂයට පත්ව ඇතැයි හතරලියැද්ද පොලීසිය පවසයි.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ හතරලියැද්ද දේදුනුපිටිය ප්‍රදේශයේ පදිංචි කැමිලි මානික්‍යා ගුණසේකර නමැති දෙහැවිරිදි දැරියකි.

මරණයට පත්වූ මෙම දරුවාගේ මව ග්‍රාම සේවා නිලධාරිනියක වන අතර, පියා වෙළඳ ව්‍යාපාරිකයෙකි.

මරණයට පත් දැරිය දියණියන් සිව් දෙනකුගෙන් යුත් පවුලේ බාල දරුවා බවත් දරුවන් බලා ගැනීමට සිටි සේවිකාවන් දෙදෙනකු සිටියදී මෙම අවාසනාවන්ත සිදුවීම වී ඇති බවත් පොලීසිය සඳහන් කරයි.

මෙම දරුවා නිවෙස තුළ සෙල්ලම් කරමින් සිට ඇති අතර එක්වරම පෙනෙන්නට නොමැති වූ තැන සේවිකාවන් දෙදෙනා ඇය සොයන්නට වී ඇති බවත් එහිදී මිදුලේ අඩියක් පමණ ගැඹුරැති පොකුණක දරුවා වැටී සිටි බව දැක ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වූ බව පොලීසිය කියයි.

දරුවාව රඹුක්කන මහ රෝහලට රැගෙන යන විටත් මරණයට පත්ව සිටි බව ද පොලීසිය සඳහන් කරයි.

මියගිය දරුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය කෑගල්ල දිස්ත්‍රික් රෝහලේ වෛද්‍ය එස්. සුරංග මහතා විසින් සිදුකරනු ලැබූ අතර, එහිදී මෙම මරණය දියේ ගිලී හුස්ම හිරවීමෙන් සිදුවූ මරණයක් බවට තීරණය කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT