Home » බාලවයස්කාර දැරිය සොයා ගිය පොලීසියට පහර දුන්නැයි පහක් අත්අඩංගුවට
පෙම්වතා සමඟ ගිය

බාලවයස්කාර දැරිය සොයා ගිය පොලීසියට පහර දුන්නැයි පහක් අත්අඩංගුවට

by mahesh
January 10, 2025 1:00 am 0 comment

ගයාන් කුමාර වීරසිංහ

පෙම්වතා සමඟ පලාගිය බාලවයස්කාර දැරියක් සොයා කලවැල්ගල පිහිටි පෙම්වතාගේ නිවසට ගිය තණමල්විල පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනියටත් ප්‍රජා පොලිස් ස්ථානාධිපතිටත් පොලිස් කොස්තාපල්වරයෙකුටත් පහර දුන් පෙම්වතාත් ඔහුගේ මවත් පියාත් බාප්පාත් ඇතුළු 05 දෙනෙක් තණමල්විල පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පස්දෙනා ඊයේ (09) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 16 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මෙම පහර දීම සිදුව ඇත්තේ පෙරේදා (08) පෙරවරුවේදීය. ළමා හා කාන්තා කාර්යාංශයේත් ප්‍රජා පොලිස් ස්ථානාධිපතිත් පොලිස් පරීක්ෂකවරුන්ය. තුවාල ලැබූ ඔවුන් දෙදෙනා සහ කොස්තාපල්වරයා තණමල්විල රෝහලට ඇතුළත් කර ඇත.

16 හැවිරිදි වියේ පසුවන පාසල් සිසුවියක් වන පෙම්වතිය 17 හැවිරිදි සිය පෙම්වතා සමඟ පලාගොස් ඇත්තේ පසුගිය නොවැම්බර් මාසයේදීය. ඒ සම්බන්ධයෙන් පොලීසියට නොවැම්බර් 28 වෙනිදා ලද පැමිණිල්ලකට අනුව විමර්ශන පවත්වා පෙම්වතිය සිය දෙමාපියන්ගේ භාරකාරත්වය යටතේ හම්බන්තොට රෝහලට ඇතුළත් කරමින් පෙම්වතාව අත්අඩංගුවට ගෙන ඇත. අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකින් පසු නැවතත් නි‍ෙවසට ගොස් සිටියදී නැවතත් මෙම බාලවයස්කාරිය අතුරුදන්ව තිබෙන බව පොලීසිය කියයි. ඒ සම්බන්ධයෙන් මාසයකට වැඩි කාලයක් පොලීසිය විමර්ශන පැවැත්වුවත් පෙම්වතාත් පෙම්වතියත් සොයාගැනීමට ලැබී නැත.

අතුරුදන්ව සිටින බාලවයස්කාරිය පෙම්වතාගේ නිවසේ රැඳී සිටින බවට පොලීසියට තොරතුරක් ලැබී ඇත්තේ පෙරේදා (08)ය. ඒ අනුව පොලිස් නිලධාරින් එම නි‍ෙවසට ගොස් ඇත්තේ ඒ ගැන සොයා බැලීමටය. එහිදී පොලිස් නිලධාරින්ට නිරීක්ෂණය වී ඇත්තේ බාලවයස්කාරිය එම නිවසේ රැඳී සිටින බවය. පොලිස් නිලධාරින් නිවෙසට ගිය විට නිවැසියන් දැරියව නි‍ෙවසින් පන්නමින් පොලිස් නිලධාරින්ට පහර දී ඇත්තේ අතින් පයින් හා පොලුවලින් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT