“අපේ ප්‍රින්සිපල්” සිනමා පටය අධ්‍යක්ෂණය කළ ක්‍රිස් ඇන්තනිගේ නවතම සිනමා පටය වන පාස්පෝට් දිවයින පුරා තිරගත වීම අරඹා දින 100 පසු කරයි. මහේන්ද්‍ර පෙරේරා, ජගත් චමිල, නයනතාරා වික්‍රමාරච්චි, ධර්මප්‍රිය ඩයස්, මල්කාන්ති ජයසිංහ, දර්ශන් ධර්මරාජ් ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පීන් සමඟ විදේශීය ශිල්පීහු රැසක් රංගනයෙන් එක්වෙති. පාස්පෝට්, වෛද්‍ය විරන්ජිත් තාඹුගලගේ නිෂ්පාදනයකි.
සිහෙලි තූර්යාගේ “සොයාන යන්නේ” ගීතය ජනගත කරයි
රූපවාහිනි රියැලිටි ගී තරුවක් වූ දස හැවිරිදි ළමා ගායිකා සිහෙලි තූර්යා සමරවික්‍රම දියණියගේ නවතම මෙන්ම තුන්වන ගීතය වන “ සොයාන යන්නේ” ගීතය ඉකුත්දා ජනගත කෙරිණි. යූ ටියුබ් හරහා විකාශය වන මෙම ගීතයට දින කිහිපයක් තුළ ඉමහත් රසික ප්‍රසාදයක් ද හිමිව තිබේ.
මෙම ගීතයේ පද රචනය ශාන්ති චන්ද්‍රසිරි කන්දෙමුල්ලගෙනි. ගී තනු නිර්මාණය සහ සංගීතය තරිඳු බණ්ඩාර ගෙනි.
“ සොයාන යන්නේ” ගීත වීඩියෝවේ රංගන දර්ශන සඳහා සිහෙලි සමඟ සිහෙලිගේ පියාවන අරුණ සුජීව සමරවික්‍රම සහ මව දමයන්ති බණ්ඩාර ද දායක වී සිටිති.
සිහෙලි මීට පෙර ගීත දෙකක් ජනගත කර තිබූ අතර එයින් ආචාර්ය සෝමරත්න දිසානායකයන්ගේ ගී පද රචනයෙන් හා හර්ෂණ දිසානායකගේ සංගීතයෙන් යුත් “මන්ද්‍රි දේවි මං” ගීතය කෙටි කලක් තුළ ඉමහත් ජනාදරයට පත්විය. 2020 වසරේ රියැලිටි ගී රූපවාහිනී වැඩසටහනකින් හොඳම හා ජනප්‍රියම කුඩා ගී තරුවක් බවට පත්වූ සිහෙලි මේ වන විට ඔස්ට්‍රේලියාවේ පර්ත්, මෙල්බර්න්, සිඩ්නි සහ බ්‍රිස්බේන් නගරවල පැවති සංගීත ප්‍රසංගයන්හි ගී ගැයීමට එක්ව සිටියාය. එමෙන්ම ලබන වසරේ මුලදී තිරගතවීමට නියමිත සෝමරත්න දිසානායකයන්ගේ “කපුටු කොහෝ” ළමා චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට පණපොවන්නීය. සිහෙලි, බෙන්තොට ගෝනගල මහා විද්‍යාලයේ පස්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන්නීය.
ඌරගස්මන්හංදිය සමූහ – අයි. ජයරත්න
හුස්ම ගණින මහ මුහුදේ ජීවිත.. “SEA සෝ”
වියරු මහ මුහුද සිය ජීවිතය කර ගනිමින් වෙරළ පේන මානයේම දිවි ගෙවන විවිධ සිතුවිලි හා චර්යාවන්ගෙන් පරිපූර්ණ වූ ඔස්කා, පංචාලි, රිචඩ් මහත්තයා , පවිත්‍රා, නිවුටා , සුරංගි, අයිරින් ඇතුළු පිරිසක් වටා “SEA සෝ” කතාව දිග හැරෙයි. තිළිණි ජයධීරගේ රූපවාහිනී රචනයකට අනුව ඩබ්ලිව්. රවින්ද්‍ර අධ්‍යක්ෂණය කළ මෙම ටෙලිනාට්‍ය සති අන්තයේ සෙනසුරාදා සහ ඉරිදා රාත්‍රි 7.30 ජාතික රූපවාහිනී නාළිකාව තුළින් විකාශනය වෙයි.
රංගනයෙන් බිමල් ජයකොඩි, සුජානි මේනකා, සුලක්ෂණී හේරත්, අජිත් ලොකුගේ, කලණ ගුණසේකර, දසුන් පතිරණ, ධනු ඉනසිතම්බි, මහේන්ද්‍ර වීරරත්න ඇතුළු පිරිසක් එක්ව ඇති මෙහි කැමරාකරණයෙන් චින්තක සෝමකීර්ති, සංස්කරණයෙන් අජිත් දිසාසේකර, කලා අධ්‍යක්ෂණයෙන් චින්තන විජේරත්න ද සංගීත අධ්‍යක්ෂණයෙන් අරුණ සමරවික්‍රම එක්වූ “SEAසෝ” උපුල් ජයසිංහගේ නිෂ්පාදනයකි.
ඕනෑම දෙයක් ආරම්භවන්නේ කුමක් හෝ නිමිත්තක් හේතුවෙනි. මේ කතාව දිග හැරෙන්නේ ද එක්තරා රාත්‍රියක වැල්ලේ සිදුවන අහඹු සිදුවීමක මූලිකත්වයෙනි. ඒ අහඹු රාත්‍රියේ මහ මුහුදට පැන සිය දිවි නසා ගැනීමට තැත්කළ පංචාලිව ඔස්කා විසින් බේරා නොගත්තානම්, මේ කතාව මෙසේ නොවන්නට ඉඩ තිබුණි. ඔස්කා ඕනෑම දේකට ඔට්ටු වැල්ලේ උපන් කොල්ලෙකි. වලාලයට මා දැලක් අදිමින් හෝ බෝට්ටුවක යමින් ජීවත් වන ඔහු, වාරකන් කාලයට සංචාරක කර්මාන්තය හා බැඳුණු හොඳ හෝ නරක ඕනෑම ආදායම් සහිත වෘත්තියක නිරත වන ඔස්කාට ඔහුට වඩා වයසින් වැඩි සුද්දියක් සමග සමීප සබඳතාවක් විය. ඔහු ඇයගේ ආශාවන් තෘප්තිමත් කළේ, ඇය හා ගෙවන පැය ගාණට මුදල් අයකරමිනි. පංචාලිගේ හමුවීමත් සමගම ඔස්කා ඇතුළු වැල්ලේ ජීවිත ගණනාවක ජීවිත උඩු යටිකුරු විය. “SEAසෝ” යනු ඒ කතාවයි.
ඇන්ටන් ජේ. ප්‍රනාන්දු
කලා ලොව එළිය කරන නුවන්
‘කෝමල කංකාන’ ගීතයෙන් කලා ක්ෂේත්රයට පිවිසි නුවන් ශ්‍රීනාත් අද වෙද්දී ගීත කිහිපයකින්ම කලා ලොව බබළවමින් සිටින අයෙකි. ගායන ශිල්පී නුවන්ගෙන් කෝමල කංකාන ගීතයට පසුව මේ වනතෙක් කලාලෝලී රසිකයන් වෙත දායාද වූ ගීත ද කිහිපයකි. ඒ 2016 වසරේ එළිදැක්වූ ‘හැඟුණා මගේ කියා’ ගීතය, 2019 වසරේ ‘ආදරේට ලණු කනකොට’ ගීතය හා 2024 වසරේ එළිදැක්වූ ‘මගේ ආදරේ පිරිසුදුයි’ ගීතය යන ගීතයි. ගීත ලොවට නව නිර්මාණයන් කිහිපයක්ම දායාද කළ නුවන් ශ්‍රීනාත්ට රංගන ශිල්පියකු ලෙස ද කලා ලොව එළිය කරන්නට හැකි විය. ඒ සිරස ටී.වී. නාළිකාවේ විකාශය වූ ‘Woow Madam’ ටෙලිනාට්‍යයට සහ ‘බේකරි ගෙදර’ ටෙලිනාට්‍යයට රංගනයෙන් දායක වෙමිනි. නුවන් විසින් පද බඳින ගීතයන්ගේ ගායනය ද, කවර් වීඩියෝ නිර්මාණය ද, අධ්‍යක්ෂණය ද තමන් විසින් ම කරගැනීම සුවිශේෂත්වයකි.
තක්ෂිලා උදයංගනී
“අතරමැදියා” 14 වැනිදා
රාජ්‍ය සම්මාන හා ජාතික යෞවන සම්මාන රැසකින් පිදුම් ලැබූ නිලංක නිසලාංජල්ගේ නවතම වේදිකා නාට්‍යය නිර්මාණය “අතරමැදියා” එළඹෙන 14 වැනිදා නාමෙල් මාලනී පුංචි තියටර්හිදී දර්ශන වාර දෙකක් වේදිකාගත කෙරේ. Theater Arts ඉදිරිපත් කිරීමකි. පිටපත් රචනය සහ අධ්‍යක්ෂණය නිලංක නිසලාංජල්ගෙනි.
father the farmer ළඟදීම
“ආදරය අහිමි පොළොවට, ආදරය අරගෙන එන” තේමාව යටතේ ජාතික ආර්ථිකයට ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියට යෝජනාවක් ලෙස, දර්ශන රුවන් දිසානායක කුලුදුල් සිනමා අධ්යක්ෂණ වන සරත් බණ්ඩාර කොක්වැව විසින් නිෂ්පාදනය කරන ලද ජාත්‍යන්තර සම්මාන 9ක් දිනූ father the farmer සිනමා පටයේ මාධ්‍ය හා විශේෂ දර්ශනය හා පසුගිය දින කොළඹ වන් ගෝල් ෆේස් PVR සිනමා ශාලාවේදී පැවැත්විණ. එදින සංස්කෘතික හා බුද්ධ ශාසන අමාත්‍ය හිනිදුම සුනිල් සෙනවි හා සිනමාපටයට එක්වූ රංගන ශිල්පීන් සමඟ විශේෂ ආරාධිතයෝ රැසක් එක්ව සිටියහ.
“අපි” ඩිජිටල් පුවත්පතට වසර පහයි
ලන්ඩන් නුවර සිට ප්‍රකාශයට පත් කරනු ලබන “අපි” ඩිජිටල් පුවත්පත සිය පස්වන සංවත්සරය සපුරයි. “අපි” ලන්ඩනයේ වෙසෙන ගයාන් කරුණාරත්න සාහිත්‍යවේදියාගේ නිර්මාණයකි. මාසික ප්රකාශනයක් ලෙසින් අන්තර්ජාලයට එක්වන මෙම ඩිජිටල් පුවත්පත, මේ වන විට ශ්‍රී ලංකාවට අමතරව, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව,නවසීලන්තය, කොරියාව ඇතුළු රට රාජ්‍යයන් රැසක වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ඉහළම ආකර්ෂණයට සහ පිළිගැනීමට ලක්වී ඇත.
අසේල තිලක්ගේ ‘මා දෙවි කුමරියේ’ ගීතය නුදුරේදීම
වවුනියාවේ සැළලිහිණිගම අසේල තිලක් රාජනායකගේ ‘මා දෙවි කුමාරියේ ඇයි අමනාප වී’ ගීතය ළඟදීම ජනගත වීමට නියමිතය. කුඩා කල සිටම ගීත ගායනයේ දක්ෂ අසේල මේ වන විට එළිමහන් ප්‍රසංග වේදිකාවන්හි ආරාධිත ගායකයකු ලෙස කටයුතු කරයි.
කොල්ලෝ එපා
ගායන ශිල්පිණී දිල්හානි සුරංජිකාගේ නවතම ගීතය “කොල්ලෝ එපා” පසුගිය දින එළිදැක්විණි. මෙහි පද රචනය වාස් සංජීව, තනුව, නිර්මාණය හා සංගීත අධ්‍යක්ෂණය නිලාන් ෆනෑන්ඩො, රූප රචනය රවිදු අබේරත්නගෙනි.
සුදු ඇඳගෙන හොරු ඇවිදින් අනිද්දා
කුමාර තිරිමාදුර නාට්‍ය නිර්මාණයක් වන “සුදු ඇඳගෙන හොරු ඇවිදින්” අනිද්දා (12) සන්ධ්‍යාවේ දර්ශන වාර දෙකක් මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත කෙරේ.
නිශ්ශංක විජේරත්න
හේමලයෝ 14 දා සිට
අරුණ අබේරත්නගේ හේමලයෝ ටෙලි නාට්‍ය ජනවාරි 14වැනිදා රාත්‍රී 7.30 සිට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශනය කෙරේ.
“අපි” ඩිජිටල් පුවත්පතට වසර පහයි
ලන්ඩන් නුවර සිට ප්‍රකාශයට පත් කරනු ලබන “අපි” ඩිජිටල් පුවත්පත සිය පස්වන සංවත්සරය සපුරයි. “අපි” ලන්ඩනයේ වෙසෙන ගයාන් කරුණාරත්න සාහිත්‍යවේදියාගේ නිර්මාණයකි. මාසික ප්රකාශනයක් ලෙසින් අන්තර්ජාලයට එක්වන මෙම ඩිජිටල් පුවත්පත, මේ වන විට ශ්‍රී ලංකාවට අමතරව, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව,නවසීලන්තය, කොරියාව ඇතුළු රට රාජ්‍යයන් රැසක වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ඉහළම ආකර්ෂණයට සහ පිළිගැනීමට ලක්වී ඇත.
ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයට නව විද්‍යාර්ථීහු බඳවා ගැනෙති
ජාත්‍යන්තර ඡායාරූප කලා සම්මේලනය අනුමත විෂය නිර්දේශය පරිදි ශ්‍රී ලංකාවේ පැවැත්වෙන එකම ඡායාරූප ශිල්ප ඩිප්ලෝමා පාඨමාලාව සඳහා 2025 වසරට නවකයන් බඳවාගැනීමට දැන් අයදුම්පත් කැඳවා ඇත. රාජ්‍ය පුණ්‍යායතනයක් සේම රජයේ ව්‍යවස්ථාපිත ආයතනයක් ද වන ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයේ මෙම තුන් අවුරුදු සති අන්ත ඩිප්ලෝමා පාඨමාලාව ඔබට ද නොමිලයේ හැදෑරිය හැකි ය.
ඡායාරූප පාඨමාලාවට අමතරව සාමාජික වරප්‍රසාද ලෙස ඡායාරූප සම්මන්ත්රණ, වැඩමුළු, චාරිකා යනාදියට සම්බන්ධ වීම, දෙස් විදෙස් ඡායාරූප ප්‍රදර්ශන හා තරගවලට ඉදිරිපත් වීම, ජාතික හා ජාත්‍යන්තර ඡායාරූප කලා ඇගැයීම්වලට පෙනී සිටීම, ඡායාරූප හා සිනමා රසවින්දන වැඩසටහන්වලට සම්බන්ධ වීම, ජාතික මට්ටමේ සමාජ සුබසාධන හා පුණ්‍ය කාර්යයන්ට දායකවීම ඇතුළු වැඩසටහන් ගණනාවක් මෙහි ක්‍රියාත්මක වේ. අවශ්‍ය නම් පාඨමාලාවට සහභාගි නොවී සංගමයේ සාමාජිකත්වය පමණක් ලබාගෙන ඉහත සඳහන් කාර්යයන්ට සම්බන්ධවීමට ද හැකියාව ඇත.
2025 වසර සඳහා සාමාජික අයදුම්පත් මාර්ගගත ක්‍රමයට ඉදිරිපත් කළ යුතු අතර, www.npassrilanka.org වෙබ් අඩවියෙන් හෝ The National Photographic Art Society of SriLanka මුහුණු පොත ඔස්සේ අදාළ සබැඳි මඟින් උපදෙස් පත්‍රිකාව බාගත කරගැනීම සහ අයදුම්පත් සම්පූර්ණ කළ හැකි ය. මාර්ගගත ක්‍රමයට සාමාජික අයදුම්පත් භාරගන්නා අවසන් දිනය 2025 ජනවාරි 31ය.