ජාතික රූපවාහිනී අවුරුදු කුමරිය තරගයේ කිරුළ හිමිකර ගැනීමත් සමඟ කලා ක්ෂේත්‍රයට පිවිසෙන ජයනි වීරසිංහ 2011දී ඒ වගේම 2011දී ගුරු පත්වීම් ලබා ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලය, අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලය සහ මේ වන විට කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ගුරුවරියක ලෙස සේවය කරනු ලබයි.
ඇය මේ වන විට ටෙලිනාට්‍ය හතරකට රංගනයෙන් එක්ව තිබේ. “මුතු පිහාටු, අහිමි, රුවන්මාලිගා, ළංවී”, ටෙලිනාට්‍ය මෙන්ම තවත් වෙළෙඳ දැන්වීම් රැසකටද ඇය දායකත්වය ලබා දී තිබේ.
“මගේ පළවෙනි චිත්‍රපටය ඉන්දීය නිර්මාණයක්. ඉන්දීය ශ්‍රී ලාංකේය සංයෝගයක් වන “ඉරානි” චිත්‍රපටයේ ලතා කියන ප්‍රධාන චරිතයට ඉන්දීය නළු රාජකුමාර සමඟින් රංගනයෙන් දායක වෙනවා. ක්‍රිස් ඇන්තනීගේ “අපේ ප්‍රින්සිපල්” සිනමා පටයේ යමුනා කියන චරිතය හරහා ප්‍රේක්ෂක ආදරය දිනාගන්න සමත් වෙනවා. ඒත්, එක්කම මේ දිනවල තිරගත වන මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගේ ගෞතම බුද්ධ මාතා චිත්‍රපටයේ සුලක්ඛනා දේවිය කියන චරිතයට පණ පොවනවා.
මෙය මගේ ජීවිතයේ සිනමා ජීවිතේ මට ලැබුණු උත්තරීතරම චරිතයක්. මහා ප්‍රජාපතී ගෝතමී දේවිය සහ මහාමායා දේවිය යන දෙදෙනාගේ මෑණියන්. සිද්ධාර්ථයන්ගේ ආච්චි අම්මා. මේ ගෞරවනීය චරිතයට මාව තෝරා ගැනීම සම්බන්ධයෙන් මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්මයාට මං බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා.” ජයනි තම කලා ජීවිතය පිළිබඳව වැඩි දුරටත් පළ කළේ එලෙසිනි. ඒ වගේම තිළිණ බොරලැස්සගේ සිනමා නිර්මාණයවන “මං හොයන්නේ ප්‍රේමයක්” චිත්‍රපටයටද මම රංගනයෙන් දායකත්වය ලබා දෙනවා.