සිය සාර්ථක ගමනේ ප්‍රධාන කඩඉමක් සනිටුහන් කරමින් ගෝලීය වෙෙළඳපොළ 38 කට අපනයනය කිරීමේ සංධිස්ථානය ෆෙරෙන්ටිනෝ ටයර් සාඩම්බරයෙන් නිවේදනය කරයි. මෙමගින් ජාත්‍යන්තරව පිළිගත්, තාක්‍ෂණිකව දියුණු ෆෙරෙන්ටිනෝ ටයර් නිෂ්පාදන පෙළ ශ්‍රී ලංකා රජයේ අවධානය දිනා ගැනීමට සමත් විය. වෙෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතාව සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සමඟ කෙරුණු සාකච්ඡා කිහිපයක ප්‍රතිඵලයක් ලෙස, ආර්ථික පසුබෑමෙන් ගොඩ එන ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින්ට දැරිය හැකි අඩු මිලකට ටයර් ලබාදීමේ හැකියාව ෆෙරෙන්ටිනෝ සොයා බලන ලදි.
එහි ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලාංකේය රථවාහන රියැදුරන්ට අනෙකුත් ජාත්‍යන්තර සන්නාමයන්ට වඩා අඩු මිලකට ගෝලීය ප්‍රමිතීන්ට අනුකූල ආරක්ෂාව, ගුණාත්මකභාවය සහ සුවපහසුව අතින් ඉහළම තත්ත්වයක ජාත්‍යන්තර ටයර් සන්නාමයක් මිලදී ගැනීමේ අවස්ථාව ලැබී ඇත. තවත් සුවිශේෂී කරුණක් වන්නේ කාත්තන්කුඩි හෝ කොළඹ හෝ ප්‍රදේශය කුමක් වුවත් වට්ටම්වල වෙනසක් නොමැතිව එකම ප්‍රමිතිගත අවම මිලකට රට පුරා පාරිභෝගිකයන් හට අනෙකුත් ජාත්‍යන්තර වෙෙළඳ නාමවලට වඩා සැලකිය යුතු ලෙස අඩු මිලකට ලබාදීමට හැකි වීමයි.
2025 ජනවාරි මස ෆෙරෙන්ටිනෝ ටයර් සඳහා සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. හොරණ පිහිටි එහි අති නවීන කර්මාන්තශාලාව සමඟින් වසර තුනක් වැනි කෙටි කාලයක් ඇතුළත ෆෙරෙන්ටිනෝ ගෝලීය වශයෙන් පිළිගත් සන්නාමයක් බවට පරිවර්තනය වී ඇති අතර, ශ්‍රී ලංකාවේ ප්‍රථම මගී කාර් රේඩියල් (PCR) ටයර් අමෙරිකා එක්සත් ජනපදයට අපනයනය කරයි.
අමෙරිකානු එක්සත් ජනපද ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (DOT) ප්‍රතීතනය, බ්‍රසීලයේ INMETRO සහතිකය, යුරෝපීය ආර්ථික කොමිසමේ ECE4 සහතිකය සහ ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ සහතිකය වැනි කීර්තිමත් සහතික සුවපහසුව, ගුණාත්මකභාවය සහ ආරක්ෂාව සඳහා ගෝලීය ප්‍රමිතීන් සපුරාලීම පිළිබඳ ෆෙරෙන්ටිනෝ ටයර් සතු කැපවීම පිළිබඳ වැදගත් සාක්ෂියකි. මෙම සහතික මඟින් ප්‍රධාන වෙළඳපොළවල දොරටු විවර වීමෙන් ලැබූ ප්‍රතිලාභ ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන් හට ලබා දීමට හැකි වීම ෆෙරෙන්ටිනෝ තෙවැනි සංවත්සරයට සමගාමීව සිදුවීම තවත් සුවීශේෂී කරුණකි.
“අපි වඩාත්ම සතුටට පත්වන්නේ ෆෙරෙන්ටිනෝ නිෂ්පාදන පෙළ ගෝලීය වෙෙළඳෙපාළ අතික්‍රමණය කිරීමට ලැබීම ගැන පමණක් නොව, අප නිෂ්පාදිත ධාරිතාව වැඩි කිරීමේ ප්‍රතිලාභ ලෙස ආරක්ෂාව, ගුණාත්මකභාවය සහ සුවපහසුව සඳහා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ෆෙරෙන්ටිනෝ සැලකිය යුතු ලෙස අඩු මිලකට අපගේ ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන් වෙත ලබා දීමට හැකිවීම ගැනය.” යනුවෙන් මෙහෙයුම් අධ්‍යක්ෂ ළහිරු ලොකුවිතාන මහතා අදහස් දක්වමින් පැවසීය.
“ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන් නොමඟ යවන වට්ටම් සහ ප්‍රවර්ධනවලින් හෝ සැකසහිත ප්‍රමිතීන් සහිත සන්නාමවලින් ලබා දෙන වට්ටම් වෙනුවට ෆෙරෙන්ටිනෝ ලබා දෙන මෙම ප්‍රතිලාභ හරහා ජාත්‍යන්තර ප්‍රමිතීන් ඉක්මවා යන ටයර් සන්නාමයක් භුක්ති විඳීමට ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන් අවස්ථාව ලැබෙන බව” විධායක අධ්‍යක්ෂ ධම්මික ලොකුවිතාන මහතා මෙම සංධිස්ථානයේ වැදගත්කම තවදුරටත් අවධාරණය කළේය.