Home » නෙස්ලේ පොල් සංවර්ධන සැලසුමෙන් උතුරේ පවුල් 100කට ආධාර

නෙස්ලේ පොල් සංවර්ධන සැලසුමෙන් උතුරේ පවුල් 100කට ආධාර

by mahesh
January 10, 2025 1:00 am 0 comment

උතුරු පළාතේ ග්‍රාමීය පවුල් 500කට සෙත සලසමින් නෙස්ලේ පොල් සංවර්ධන සැලසුමේ තවත් ඉදිරි පියවරක් තැබීමට පසුගියදා සමත් විය. ශ්‍රී ලංකා පොල් සංවර්ධන මණ්ඩලය සමඟ වසර 8ක හවුල්කාරිත්වය සනිටුහන් කරමින් සිදුකරනු ලැබූ මෙම වැඩසටහන යටතේ මෙරට තුළ පොල් වගාව ව්‍යාප්ත කිරීමේ අරමුණින් දෙමුහුන් පොල් පැළ සහ ඊට අවශ්‍ය අනෙකුත් පහසුකම් සපයා දීමට සමත් විය. මේ තුළින් 5000කට අධික ගෘහ වගාකරුවන් පිරිසක් වෙත සහයෝගය දැක්වීමට හැකිවීම විශේෂත්වයකි. එසේම මෙම වැඩසටහනට සමගාමීව පුහුණු වැඩසටහන් පවත්වමින් සහ පොහොර ලබා දෙමින් පොල් වගා කිරීමේ සම්මත භාවිතයන් සම්බන්ධයෙන් ප්‍රතිලාභීන් පුහුණු කිරීමට ද කටයුතු කරන ලදි.

මෙම රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරීත්වය පිළිබඳ අදහස් දක්වමින් පොල් වගා කිරීමේ මණ්ඩලයේ වවුනියාව ප්‍රාදේශීය කළමනාකාර මංජුල හේවාමාලවි මහතා “බොහෝ ග්‍රාමීය ප්‍රදේශයන්හි පවුල් වෙනුවෙන් සහයෝගය දැක්වීම සඳහා නෙස්ලේ පොල් සංවර්ධන සැලසුම තව දුරටත් පුළුල් කිරීම පිළිබඳව මා ඉතා සතුටට මෙන්ම ආඩම්බරයට පත්වනවා. වසර ගණනාවක් තිස්සේ මෙම වටිනා වැඩසටහන තුළින් සාම්ප්‍රදායික නොවන පොල් වගා කරන ප්‍රදේශයන්හි පොල් වගාව දිරිමත් කිරීමට ඉවහල් වූ බව සඳහන් කළ හැකියි. එමෙන්ම පොල් වගාවේ ශිල්පීය ක්‍රමයන් වැඩි දියුණු කිරීමට, අභියෝගයන්ට මුහුණ දීමට මෙන්ම පොල් වගාව සඳහා නව අවස්ථාවන් සොයායාමට උපකාරි වන දැනුම බෙදා හදා ගැනීමේ අවස්ථාවක් ලෙසද මේ තුළින් සුවිසල් මෙහෙවරක් ඉටු වනවා” යනුවෙන් පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ නෙස්ලේ ලංකාහි කළමනාකාර අධ්‍යක්ෂ බර්නි ස්ටෙෆන් මහතා සඳහන් කර සිටියේ “අපගේ දිගුකාලීන පොල් සංවර්ධන වැඩසටහන ශ්‍රී ලංකාවේ පොල් වගාව ඉහළ නැංවීම සඳහා වන අපගේ නොසැලෙන කැපවීම පිළිබඳ කදිම සාක්ෂියක් ලෙස සඳහන් කළ හැකියි. ශ්‍රී ලංකාවේ විශාලතම පිටි කළ පොල් කිරි අපනයනකරුවා ලෙස විවිධ ප්‍රදේශයන්හි ගෘහ වගාකරුවන් වෙත අපගේ සහයෝගය ලබා දීමට හැකි වීම පිළිබඳව මා ඉතා සතුටට පත්වනවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT