Wednesday, April 23, 2025
Home » Hela Apparel Holdings ශිෂ්‍යත්ව ලැබූ උපාධිධාරින් 100කට NIBM සහතික

Hela Apparel Holdings ශිෂ්‍යත්ව ලැබූ උපාධිධාරින් 100කට NIBM සහතික

by mahesh
January 10, 2025 1:00 am 0 comment

NIBM සහතික පත් ප්‍රදානය කළ පළමු ශිෂ්‍ය කණ්ඩායම තම සහතිකපත් ද සමඟින්

කුරුණෑගල NIBM ශ්‍රවණාගාරයේ දී පැවැත්වූ උපාධි ප්‍රදානෝත්සවයේ දී, Hela Apparel Holdings ආයතනය මඟින් අනුග්‍රහය දැක්වූ සිසුන් 100කට අධික පිරිසක් තම සහතික පත් ලබාගත්හ. මෙහි දී ‘Hela දිරි දරුවෝ’ වැඩසටහන යටතේ IT හා ඉංග්‍රීසි පාඨමාලා සහ ‘Hela දිරි ලිය’ වැඩසටහන යටතේ Techno ව්‍යවසායකත්ව පාඨමාලාව හැදෑරූ සිසුන් හට සහතික පත් ප්‍රදානය කිරීම සිදු කෙරුණි. මෙම පාඨමාලා සියල්ල NIBM ආයතනය සහ RISE වැඩසටහන ඔස්සේ පුහුණු විශේෂඥ සහතිකය ලබා ගත් පුහුණුකරුවන් විසින් මෙහෙයවන ලදි. Hela ආයතනයේ සමාජ ප්‍රාග්ධන ව්‍යාපෘතිවල එක් කොටසක් වන මෙම සුවිශේෂි ශිෂ්‍යත්ව වැඩසටහන මඟින්, තිරසර සමාජ සංවර්ධනයකට අවශ්‍ය තනි පුද්ගලයින්ගේ දියුණුව වැඩි කිරීම ආයතනයේ අරමුණ විය.

මෙම වැඩසටහන් පිළිබඳව තවදුරටත් විස්තර කළ හොත්, මෙහි දී දිරි දරුවෝ වැඩසටහන මඟින් සුවිශේෂි ශිෂ්‍යත්ව, වෘත්තීය පුහුණු සහ නිපුණතා ගොඩ නැංවීම වැනි ව්‍යාපෘති හරහා Hela ආයතනයේ සේවය කරන සේවා නියුක්තිකයින්ගේ දරුවන් 800කට අධික පිරිසකගේ අධ්‍යාපනයට ඔවුන් සහාය දක්වනු ලබයි. ඒ වගේම දිරි ලිය වැඩසටහන යනු Hela ආයතනයේ සේවය කරන සේවා නියුක්තිකයින් අතරින් ම ව්‍යවසායකයින් බිහි කිරීමේ අරමුණින් පවත්වනු ලබන සුවිශේෂි වැඩසටහනකි. මේ හරහා සේවා නියුක්තිකයින් හට නිෂ්පාදනය හා අලෙවිකරණය වැනි අංශ ඔස්සේ පැය 15,000කට අධික කාලයක පුහුණුවක් ලබා දෙන අතරම, RISE වැඩසටහන හරහා ඔවුන්ගේ මෘදු කුසලතා වැඩි දියුණු කිරීම ද සිදු කරයි.

මෙම උපාධි ප්‍රදානෝත්සවය සඳහා Tesco, Berendina, NIBM සහ Hela යන ආයතනවල ඉහළ කළමනාකාරිත්වය ද සමඟින්, වැඩසටහනේ සාමාජිකයින් සහ පුහුණුකරුවන් ද සහභාගි විය. සහභාගි වූ විශේෂිත අමුත්තන් අතර, Tesco Sri Lanka ආයතනයේ සම්පත් අංශයේ ප්‍රධානී අස්මිනා කරීම් මහත්මිය, සම්පත් අංශයේ ජ්‍යෙෂ්ඨ විශේෂඥ සම්පත් විජේපාල මහතා, ජ්‍යෙෂ්ඨ තාක්ෂණික කළමනාකරු ප්‍රසන්න ප්‍රනාන්දු මහතා සහ Berendina ආයතනයේ සේවා සංවර්ධන අංශයේ සාමාන්‍යාධිකාරී දයන්ත ප්‍රනාන්දු මහතා, ව්‍යාපෘති සම්බන්ධිකාරක ගිත්මි ගුණසේකර මහත්මිය සහ NIBM කුරුණෑගල ශාඛාවේ ප්‍රධානි සිරිල් ගුණරත්න මහතා සහ ප්‍රධාන උපදේශක ආචාර්ය හිමේන්ද්‍ර බලල්ලේ මහතා යන පිරිස වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT