Home » සංචාරකයන් පැමිණීම ඉහළ ගිහින්

සංචාරකයන් පැමිණීම ඉහළ ගිහින්

by mahesh
January 10, 2025 1:00 am 0 comment

සුභාෂිණී සේනානායක

ශ්‍රී ලංකාවේ ස්ථාවර රජයක් පත්වීම හේතුවෙන් සංචාරකයින් විශාල වශයෙන් මෙරටට පැමිණෙමින් සිටින බව ගල්කිස්ස මහ හෝටලයේ සභාපති සනත් උක්වත්ත මහතා පැවැසීය.

පසුගියදා පැවැති මැතිවරණවලින් පසුව ගල්කිස්ස මහ හෝටලයට ඉදිරි වසර සඳහා ලැබෙන විවාහ ඇතුළු උත්සව, කාමර වෙන්කිරීම් ආහාර ඇණවුම්වලින් මේ බව තහවරු වන බවද හෙතෙම පැවැසීය.

විශාල වශයෙන් යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ද ඔවුන්ගේ දුවා දරුවන්ගේ විවාහ උත්සව සඳහා ගල්කිස්ස මහ හෝටලය වෙන් කරලීම් සිදු කරන බවද කී ඒ මහතා විවාහ උත්සව පැවැත්වීම සඳහා ගල්කිස්ස මහහෝටලය නමක් දිනාගෙන ඇතැයිද කීවේය.

වසර 220කටත් වඩා පැරණි, දෙහිවල ගල්කිස්ස වෙරළ තීරයට ගියාම කුඩා කඳු ගැටයක විරාජමානව වැජඹෙනු පෙනෙන මෙය ශ්‍රී ලංකාව කියන පුංචි දිවයින ජාත්‍යන්තර අවදානයට දිනාගෙන ඇත්තේ බ්‍රිතාන්‍ය ජාතික තෝමස් මෙට්ලන්ඩ් ශ්‍රී ලංකාවට පැමිණීම සහ නැටුම් දර්ශනයකට සිය පියාගේ නැටුම් කණ්ඩායම සමඟ උත්සවයට එක්ව සිටි ලොවීනා අපොන්සුවා සමඟ ප්‍රේමයෙන් බැඳීම හේතුවෙන් එම ආදරය වෙනුවෙන් ඉදි කළ නිවාස වීම යැයිද හෙතෙම සඳහන් කළේය.

ඇය සිංහල රොඩී හා පෘතුගීසි මිශ්‍රණයක් යැයිද කී ඒ මහතා සිංහලයා සතු තලෙළු හා දීප්තිමත් සමත්, තද කළු කෙස් කළඹ හා දුඹුරුවන් නෙත් සඟලත්, පෘතුගීසීන්ගෙන් ලැබුණු යුරෝපීය ශරීරය හා මුහුණේ පිහිටීමත් ඇයව අසාමාන්‍ය ලෙස සුන්දර කර තිබීම හේතුවෙන් බ්‍රිතාන්‍ය ජාතික තෝමස් මෙට්ලන්ඩ් ඇය සමඟ රහසිගත ප්‍රේම සම්බන්ධතාවක් ඇති කරගෙන එය වෙනුවෙන් මේ මන්දිරය ඉදි කර ඇති බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT