හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ටෙනිස් බෝලයක් තුළ සඟවා කිසිවෙකු විසින් එම ටෙනිස් බෝලය පෙරේදා (07) සවස ගාල්ල බන්ධනාගාරයට විසිකර ඇතැයි ගාල්ල පොලීසිය පවසයි. බන්ධනාගාර නියාමකවරයෙකු ආරක්ෂක රාජකාරියේ යෙදී සිටින විට බන්ධනාගාරයේ තාප්පයට උඩින් පන්දුවක් බිමවැටී තිබේ. එවිට එම බන්ධනාගාර නියාමකවරයා විසින් එම පන්දුව ගෙන පරීක්ෂා කිරීමේදී මිලි ග්‍රෑම් 50ක් බර අයිස් මත්ද්‍රව්‍ය කුඩා පැකට් 10ක්, හෙරොයින් මිලිග්‍රෑම් 20ක කුඩා පැකට් දෙකක් සහ දුම්කොළ කැබලි කීපයක්ද එම පන්දුව තුළ තිබී සොයාගෙන ඇත.
මෙම පන්දුව බන්ධනාගාරය ඇතුළට විසි කළ පුද්ගලයා මෙතෙක් හඳුනාගෙන නැති අතර ගාල්ල පොලීසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.