Home » ඉවත් නොකළ යුතු මට්ටමේ පව­තින ගස් 104ක් කපා දැමීම
ඉවත් නොකළ යුතු මට්ටමේ පව­තින ගස් 104ක් කපා දැමීම

ඉවත් නොකළ යුතු මට්ටමේ පව­තින ගස් 104ක් කපා දැමීම

by Gayan Abeykoon
January 9, 2025 1:00 am 0 comment

අසේල කුරු­ළු­වංශ

මහ­නු­වර හන්තාන වත්තේ ඇති දිරා­ගිය හා වැටුණු ගස් කපා ඉවත් කිරීම සඳහා ජාතික වතු සංව­ර්ධන මණ්ඩ­ලය මඟින් මෙයට මාස හය­කට ඉහත දී ලබා­දුන් අව­ස­ර­යක් අව­භා­විත කර­මින් ඉවත් නොකළ යුතු මට්ටමේ පව­තින ගස් 104ක් කපා දැමීම සම්බ­න්ධ­යෙන් සිදු­කළ විම­ර්ශ­න­ය­කින් පසු හන්තාන වත්තේ වතු අධි­කා­රි­ව­ර­යාගේ සහ සහ­කාර වතු අධි­කා­රි­ව­ර­යාගේ සේවය වහාම ක්‍රියා­ත්මක වන පරිදි අත්හි­ටුවා ඇත.

සේවය අත්හි­ටු­වී­මෙන් පසු වතු අධි­කා­රි­ව­රයා තමන් සේව­යෙන් ඉවත් වන බව දන්ව­මින් ජාතික වතු සංව­ර්ධන මණ්ඩ­ල­යට ලිපි­යක් යොමු කර තිබේ.

කපා දැමූ ගස්වල වටි­නා­කම තක්සේරු කිරී­මෙන් පසු ඊට අදාළ මුදල ගෙවී­මට තමන් සූදා­නම් බව වතු අධි­කා­රි­ව­රයා දැනුම් දී ඇතැයි ජනතා වතු සංව­ර්ධන මණ්ඩ­ලයේ සභා­පති නීතිඥ ජයන්ත තිල­ක­රත්න මහතා කීය.

දිරා­ගිය සහ අව­දා­නම් ගස් 411ක් කපා ඉවත් කිරීම සඳහා මෙයට මාස හය­කට ඉහත දී අව­සර ලබා දී තිබෙන බවත් ඒ අනුව මාස තුනක් ඇතු­ළත එම ගස් කපා ඉවත් කළ යුතු බවත් කී සභා­ප­ති­ව­රයා එම කාලය තුළ අදාළ කාර්යය ඉටු­කළ නොහැකි වුව­හොත් නැවත කාලය දීර්ඝ කර ගැනී­මක් සිදු­කර ගත යුතු බව ද අව­ධා­ර­ණය කළේය.

අදාළ කාලය පසු­වී­මෙන් අන­තු­රුව කාලය දීර්ඝ කර ගැනී­ම­කින් තොරව හොඳ තත්ත්වයේ පව­තින ගස් කපා ඉවත් කරන බවට ලද පැමි­ණිලි කිහි­ප­යක් සම්බ­න්ධ­යෙන් තමන් විම­ර්ශ­න­යක් ආරම්භ කළ බවත් ඒ අනුව විම­ර්ශන කණ්ඩා­යම් දෙකක් හන්තාන වත්තට යවා පරී­ක්ෂණ සිදු­කළ බවත් කී තිල­ක­රත්න මහතා එම වාර්තා අනුව අම­තර ගස් 104ක් කපා ඉවත් කර තිබෙන බව තහ­වුරු වූයේ යැයි පැව­සු­වේය.

හන්තාන රක්ෂිත සීමාවේ ගස් කිහි­ප­යක් ද ඉවත් කර තිබෙන බවත් සිද්ධිය සම්බ­න්ධ­යෙන් තලා­තු­ඔය පොලී­සි­යට පැමි­ණි­ල්ලක් ඉදි­රි­පත් කර විම­ර්ශන සිදු කෙරෙන බවත් ඒ මහතා කීය.

හන්තාන වතු අධි­කා­රි­ව­රයා සම්බ­න්ධ­යෙන් තවත් පැමි­ණිලි කිහි­ප­යක් ලැබී තිබෙන බවත් ඒ සම්බ­න්ධ­යෙන් ද විම­ර්ශන සිදු කෙරෙන බවත් සභා­ප­ති­ව­රයා පැව­සු­වේය.

ජනතා වතු සංව­ර්ධන මණ්ඩ­ලය මෙම ගස් කපා ඉවත් කිරීමේ ටෙන්ඩ­රය ලබා දී ඇත්තේ හන්තාන කළ­ම­නා­ක­රණ කමි­ටුවේ නිර්දේ­ශය ලබා ගැනී­ම­කින් තොරව බවත් ඒ සම්බ­න්ධ­යෙන් ද පරී­ක්ෂ­ණ­යක් සිදු­කළ යුතු බවත් හන්තාන සුරැ­කීමේ සංවි­ධා­නයේ සභා­පති අමිත් සේනා­නා­යක මහතා කීය.

ගස් ඉවත් කිරීමේ ටෙන්ඩ­රය පසු­ගිය වසරේ ජූනි මස රුපි­යල් ලක්ෂ 14කට ලබා දී තිබෙන බවත් ටෙන්ඩ­ර­යට අනුව ගස් ඉවත් කිරීම ආරම්භ කර තිබෙන්නේ එම වසරේ සැප්තැ­ම්බර් මස 27 දින බවත් සේනා­නා­යක මහතා පැව­සු­වේය.

පරි­සර ආර­ක්ෂිත කලා­පයේ හොඳ තත්ත්වයේ පව­තින ගස් කිසිදු විම­සී­ම­කින් තොරව මොවුන් කපා ඉවත් කර තිබෙන බවත් වතු අධි­කා­රි­ව­රයා සහ සහ­කාර වතු අධි­කා­රි­ව­ර­යාට අම­ත­රව මෙයට වග­කි­ව­යුතු තවත් පිරි­සක් සිටින බවත් ඒ මහතා කීය.

සිද්ධිය සම්බ­න්ධ‍ෙ­යන් මහ­නු­වර ‍ පොලී­සිය මඟින් ද පරී­ක්ණ­යක් ආරම්භ කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT