මධ්‍යම පළාතේ රජයේ පාසල්වලට ළමයින් ඇතුළත් කර ගැනීමේ දී විදුහල්පතිවරුන් ගුරුභවතුන් හා වෙනත් විවිධ පාර්ශ්ව අයථා ලෙස මුදල් ලබා ගන්නා බවට මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණිලි ලැබී තිබේ. අදාළ පැමිණිලි සම්බන්ධයෙන් අවධානය යොමු කර එවැන්නක් සිදු වන්නේ නම් එය බරපතළ වරදක් බව පෙන්වා දෙමින් මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මධුපානි පියසේන මහත්මිය විසින් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරයා හා කලාප අධ්‍යාපන අධ්යක්ෂවරු මඟින් සියලුම විදුහල්පතිවරු වෙත ලිපියක් යොමු කර ඇත.
රජයේ සියලුම පාසල්වලට පහසුකම් හා සේවා ගාස්තු, පාසල් සංවර්ධන සමිති සාමාජික මුදල් හා අනුමත ගාස්තු හැර වෙනත් ගාස්තු හා ආධාර මුදල් හෝ වෙනත් බඩු බාහිරාදිය ලබා ගැනීම තහනම්ය. එවැනි පැමිණිලි සම්බන්ධයෙන් විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ද එමඟින් පෙන්වා දී ඇත.