Home » පසු­ගිය වසරේ සංචා­රක නැව් පැමි­ණීමේ වර්ධ­න­යක්

පසු­ගිය වසරේ සංචා­රක නැව් පැමි­ණීමේ වර්ධ­න­යක්

by Gayan Abeykoon
January 9, 2025 1:00 am 0 comment

මහින්ද අලු­ත්ගෙ­දර

පසු­ගිය වස­රේදී (2024) වරාය වෙත පැමිණි සංචා­රක නෞකා ප්‍රමා­ණ­වත් වර්ධ­න­යක් පෙන්නුම් කර තිබෙන බව හම්බ­න්තොට ජාත්‍ය­න්තර වරාය (HIP) පව­සයි.

එම පැමි­ණීම්හි සැල­කිය යුතු වෙන­සක් සනි­ටු­හන් කර තිබෙන අතර, ඉන්දි­යානු උප මහ­ද්වී­ප­යෙන් පැමි­ණෙන සංචා­රක නෞකා අඩු වීමක් දක්නට ලැබුණ ද යුරෝ­පයේ සිට වරා­යට පැමි­ණෙන නෞකා සැල­කිය යුතු ලෙස ඉහළ යෑමක් සිදුව තිබෙන බව හම්බ­න්තොට ජාත්‍ය­න්තර වරාය පව­සයි. 2024දී වරාය වෙත පැමිණි මගී නැව් 23න් 17ක් යුරෝ­ප­යෙන් වන අතර, ඉන්දි­යා­වෙන් පැමිණ ඇත්තේ නෞකා 6ක් පම­ණක් බව ද එම වරාය කියයි.

විශිෂ්ට සංචා­රක ගම­නා­න්ත­යක් ලෙස වරාය ක්‍රම­ක්‍ර­ම­යෙන් ලබා ඇති ප්‍රසි­ද්ධිය දෙසැ­ම්බර් මාසයේ එහි පැමිණි නෞකා තුන තව­දු­ර­ටත් ඉස්මතු කර තිබෙන අතර, දෙසැ­ම්බර් මස මුලදී ෆ්ලොරි­ඩාවේ මයා­මිහි පිහිටි අස­මාරා සමූ­හ­යට අයත් ‘අස­මාරා පර්සු­යිට්’ නෞකාව හම්බ­න්තොට ජාත්‍ය­න්තර වරා­යට සිය මංගල සංචා­රය සිදු කර ඇත.

මින් පෙර අස­මාරා සමූ­හයේ සාමා­ජික නෞකා වන ‘අස­මාරා ක්වෙස්ට්’ සහ ‘අස­මාරා ජර්නි’ පිළි­වෙ­ළින් 2023 මැයි සහ නොවැ­ම්බර් මාස­වල දී ද, ‘අස­මාරා ඔන්වර්ඩ්’ අප්‍රේල් මාස­යේදී ද හම්බ­න්තොට ජාත්‍ය­න්තර වරාය විසින් පිළි­ගෙන ඇත. සංචා­රය නිම වීමෙන් අන­තු­රුව ‘අස­මාරා පර්සු­යිට්’ නෞකාව සිය ඊළඟ ගම­නා­න්තය වන තායි­ල­න්තයේ පුකට් බලා පිටත් විය. 2024 තුළ වරාය වෙත පැමිණි සංචා­රක නෞකා 10ක් සඳහා පහ­සු­කම් සැල­සීමේ විශිෂ්ට කාර්ය­භා­රය ඉටු කර ඇත්තේ අස­මාරා නැව් සමූ­හ­යෙහි දේශීය නියෝ­ජි­ත­යන් වන පෘඩෙ­න්ෂල් නැව් සමා­ග­මයි.

වසර අව­සා­න­යේදී පැමිණි අනෙක් සංචා­රක නෞකා දෙක වූයේ ‘සෙලි­බ්රිටි මිලෙ­නි­යම්’ සහ ‘සිල්වර් විස්පර්’ය. ‘සෙලි­බ්රිටි මිලෙ­නි­යම්’ පෘඩෙ­න්ෂල් නැව් සමා­ගම විසින් හසු­රු­වන අතර, ‘සිල්වර් විස්පර්’ නෞකාවේ ඒජ­න්ත­ව­රුන් වන්නේ වරායේ තවත් ප්‍රධාන හවු­ල්ක­රු­වකු වන කලම්බු ෂිපින් සමා­ග­මයි. දෙසැ­ම්බර් මස 13 වැනි දින HIP හි නැංගු­රම් ලෑ මේ නෞකා යුවළ වරායේ කාර්ය­බ­හුල සහ සාර්ථක සංචා­රක නෞකා දින දර්ශ­නය සම්පූර්ණ කර­මින් සිය මීළඟ ගම­නාන්ත සඳහා පිටත් විය.

වසරේ ක්‍රියා­ක­ර­ණය පිළි­බඳ අද­හස් දැක්වූ හම්බ­න්තොට ජාත්‍ය­න්තර වරාය සමූ­හයේ (HIPG) ප්‍රධාන විධා­යක නිල­ධාරී විල්සන් ක්ව් මහතා මෙලෙස පැවැ­සු­වේය.

“සංචා­රක කර්මා­න්තයේ පුළුල් වීමත් සමඟ හම්බ­න්තොට ජාත්‍ය­න්තර වරාය වැනි විවි­ධ­ත්ව­යෙන් පූර්ණ, අද්වි­තීය ගම­නාන්ත කෙරෙහි නව උන­න්දු­වක් ඇති වී තිබෙ­නවා. සුපු­රුදු මාර්ග­ව­ලින් එපිට සංස්කෘ­ති­යෙන් සහ සොබා­ද­හ­මින් පොහො­සත් අලං­කාර ගම­නාන්ත කෙරෙහි සංචා­රක යාත්‍රා වැඩි උන­න්දු­වක් දක්වන බව අපට පෙනී ගොස් තිබෙ­නවා. 2024 තුළදී යුරෝ­පීය සංචා­රක නෞකා වැඩි සංඛ්‍යා­වක් දකුණු ආසි­යා­වට පිවි­සීම මෙයට වැද­ගත් සාක්ෂි­යක්. මේ වස­රේදී මෙය තව­දු­ර­ටත් වර්ධ­නය වනු ඇතැයි අපේක්ෂා කර­නවා.”

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT