Monday, April 21, 2025
Home » විදේශිකයාගේ නැති වූ බෑගය පැයකින් සොයා ගනියි

විදේශිකයාගේ නැති වූ බෑගය පැයකින් සොයා ගනියි

by yasara
January 9, 2025 10:01 am 0 comment

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ  (08)  ධාවනය කල 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන් කල ඉන්දියානු ජාතිකයාගේ අස්ථානගත වු ගමන් බෑගය පැය කිහිපයක් තුල සොයා ගැනිමට හැටන් දුම්රිය ස්ථානයේ ස්ථානාධිපති ජානක ප්‍රනාන්දු මහතා සහ වටවල පොලිසියේ නිලධාරින් සමත්වි ඇත.

ඉන්දියාවේ මුම්බායි ප්‍රාන්තයේ පදිංචි අවු 39 හැවිරිදි සංචාරකයා එම දුම්රියෙන් ඇල්ල දක්වා දෙවන පන්තියේ මැදිරියේ ගමන් කරමින් සිටියදි වටවල සහ හැටන් දුම්රිය ස්ථාන දෙක අතරදි තම ගමන් බෑගය අස්ථානගත වි ඇති බවට හැටන් දුම්රිය ස්ථානාධිපතිවරයාට පැමිණිලි කර සංචාරකයා එම දුම්රියෙන්ම ඇල්ල දුම්රිය ස්ථානය දක්වා ගමන් කර ඇත.

වහාම ක්‍රියාත්මක වු හැටන් දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා වටවල දුම්රිය ස්ථානයෙන් ඒ සම්බන්ධයෙන් කරුණු විමසා සිටියදි අස්ථානගත වු ගමන් බෑගයට සමාන බෑගයක් රැගෙන දුම්රියෙන් පැමිණි පුද්ගලයෙකු වටවල ප්‍රදේශයට ත්‍රිරෝද රථයකින් ගමන් කල බවට පැවසිමත් සමග හැටන් දුම්රිය ස්ථානාධිපතිවරයා විසින් ඒ සම්බන්ධයෙන් වටවල පොලිසිය දැනුවත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වු වටවල පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති උපොප ආර්.එම්.එස්.ජයරත්න මහතා ඇතුළු පොලිස් නිලධාරින් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල රොසැල්ල ප්‍රදේශයට ගොස් එම මාර්ගයේ කුලි ත්‍රිරෝද රථ රියදුරන්ගෙන් කරුණු විමසිමේදි එවැනි බෑගයක් සහිත පුද්ගලයෙකු ගිනිගත්හේන සිට හැටන් දක්වා ධාවනය වු ලංගම බස් රථයක නැග ගමන් කල බවට දැනුම් දිමත් සමග පොලිස් නිලධාරින් එම බස් රථය සොයාගෙන ගොස් ඇත.

හැටන් දුම්රිය ස්ථානයේ දුම්රිය ස්ථානාධිපතිවරයා හැටන් ලංගම ඩිපෝවේ උසස් නිලධාරින් මේ සම්බන්ධයෙන් දැනුවත් කර සොයාබැලිමකදි අදාල ලංගම බස් රථය ඩිපෝව තුල නතර කර ඇති බවත්, එම බස් රථය පරික්ෂා කිරිමේදි ඉන්දියානු ජාතික සංචාරකයාට අයත් ගමන් බෑගය බස් රථයේ ගමන් මළු රදවනය තුල ඇති බවට ඩිපෝවේ නිලධාරින් දැනුම් දිමෙන් පසු දුම්රිය ස්ථානාධිපතිවරයා විසින් ඒ සම්බන්ධයෙන් වටවල පොලිස් ස්ථානයේ නිලධාරින් දැනුවත් කර ඇත.

වටවල පොලිසියේ නිලධාරින් හැටන් ලංගම ඩිපෝව වෙත ගොස් එම ගමන් බෑගය රැගෙන හැටන් දුම්රිය ස්ථානාධිපතිවරයා වෙත භාර දි භාරගත් බවට අත්සන් ලබාගෙන ඇත.

හැටන් දුම්රිය ස්ථානයේ ස්ථානාධිපති ජානක ප්‍රනාන්දු මහතා මේ සම්බන්ධයෙන් කියා සිටියේ ඉන්දියානු ජාතික සංචාරකයාට දුරකථය ඔස්සේ සම්බන්ධ කරගනිමින් ඔහුගේ අස්ථානගත වු ගමන් බෑගය සොයාගත් බවත්, ගමන් බෑගය රාත්‍රි තැපැල් දුම්රියෙන් ඇල්ල දුම්රිය ස්ථානය වෙත එවිමට කටයුතු කරන බවත්, ඇල්ල දුම්රිය ස්ථානයෙන් එම ගමන් බෑගය ලබාගන්නා ලෙසට පැවසු බවයි.

එහිදි ඉන්දියානු සංචාරකයා තම ගමන් බෑගය සොයාගැනිමට කටයුතු කල දුම්රිය ස්ථානාධිපතිවරයාට සහ අදාල පොලිස් නිලධාරින්ට ස්තුතිය පුද කල බව දුම්රිය ස්ථානාධිපතිවරයා පැවසිය.

ගමන් බෑගය සොයාගත් වටවල පොලිසියේ නිලධාරින් කියා සිටියේ එම දුම්රියෙන් පැමිණි පුද්ගලයෙකු වැරදිමකින් සංචාරකයාගේ ගමන් බෑගය රැගෙන ගොස් පසුව එය තමන්ගේ නොවන බවට තහවුරු විමෙන් පසු බස් රථයේම දමා ගොස් ඇති බවට සැකකරන බවයි.

එම බෑගය රැගෙන ගිය පුද්ගලයා හදුනාගැනිම සදහා සිසිටිවි දර්ශන ඔස්සේ විමර්ශණයක් සිදු කරන බවද වටවල පොලිසියේ නිලධාරින් පැවසිය.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT