Monday, April 21, 2025
Home » ලොස් ඇන්ජලිස් ලැව්ගින්න පාලනයට වතුර මදි වෙයි

ලොස් ඇන්ජලිස් ලැව්ගින්න පාලනයට වතුර මදි වෙයි

by chanaka
January 9, 2025 9:58 am 0 comment

අමෙරිකාවේ ලොස් ඇන්ජලිස්හි හටගෙන ඇති දරුණු ලැව්ගින්න පාලනය කිරීමට බාධා මතුව තිබේ.

ඒ, ගින්න නිවීම සඳහා ජලය හිඟ වීමත් සමගින් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. හදිසි ආපදාවකදී භාවිත කිරිමට ඔවුන් රැස්කර තිබූ ජලය අවසන් වී ඇතැයි සදහන් වේ.

එක් ප්‍රදේශයක පමණක් ලැව්ගින්න පාලනයට ජල ගැලුම් මිලියන 01 ක් මේ වන විටත් භාවිත කර ඇති බවයි ලොස් ඇන්ජලීස් ගිනි නිවන දෙපාර්තමේන්තුව පවසයි.

අධික ඉල්ලුම මධ්‍යයේ වුවද කඩිනමින් ගින්න නිවීමට අවශ්‍ය ජලය සොයාගත් බවද ඔවුන් පවසා තිබේ.

ලොස් ඇන්ජලීස් ඉතිහාසයේ වඩාත් විනාශකාරීම ලැව්ගින්න ලෙස සැලකෙන මෙම ලැව්ගිනි තත්ත්වය හේතුවෙන් මේ වන විටත් ලක්ෂ 15කට වැඩි පිරිසකට විදුලිබල පහසුකම් අහිමි වී ඇත.

විනාශ වී ඇති භූමි අක්කර ප්‍රමාණය 26,000කි.

පුද්ගල මරණ 05ක් ද මේ වන විට වාර්තා වී තිබේ. සිය වාසස්ථානවලින් ඉවත් කර ඇති පිරිස ලක්ෂයකට අධිකය.

කෙසේවෙතත් මේ වන විට ගින්න දරුණු ලෙස පැතිර යාම පාලනය කර ඇතැයි වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT