Home » එජාප-සජබ ප්‍රති­පත්ති සමී­පයි

එජාප-සජබ ප්‍රති­පත්ති සමී­පයි

හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රීනි නීතිඥ තලතා අතු­කෝ­රළ

by Gayan Abeykoon
January 9, 2025 2:00 am 0 comment

ක්සත් ජාතික පක්ෂ මහ ලේක­ම්ව­රිය ලෙස නුදුරු දිනෙක වැඩ භාර ගැනී­මට නිය­මිත තලතා අතු­කෝ­රළ මහ­ත්මිය පසු­ගිය කාලය තුළ එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බල­වේ­ගය නැවත එක­ඟ­තා­ව­කට පත්විය යුතු බවට ප්‍රසි­ද්ධියේ යෝජනා කළ චරි­ත­යකි. ඉති­හා­සයේ අවස්ථා ගණ­නා­ව­කදී මෙරට ආණ්ඩු බලය හෙබවූ ප්‍රධා­නම ජාතික දේශ­පා­ලක කඳ­වු­රක් වූ එජා­පය, පසු­ගිය කාලය තුළ ඉතා­මත් පහළ අඩි­ය­කට පත්වූ අතර ඒ තැනට එජා­පය පත්වූයේ ඇයි, නැවත පක්ෂය ගොඩ­නැ­ඟී­මට කට­යුතු කිරී­මට ඇති සැල­සුම් මොන­වාද යන්න පිළි­බ­ඳව හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී නීතිඥ තලතා අතු­කෝ­රළ මහ­ත්මිය සමඟ කළ සාක­ච්ඡා­වකි.

 

එක්සත් ජාතික පක්ෂය කියන්නේ කලක් විශාල ඡන්ද පද­න­මක් තිබූ දේශ­පා­ලන පක්ෂ­යක්. එහෙත්, අද වන­විට එක්සත් ජාතික පක්ෂය කුඩා දේශ­පා­ලන පක්ෂ­යක් බවට පත්ව තිබෙ­නවා. එසේ කඩා වැටුණු එක්සත් ජාතික පක්ෂය නැවත ගොඩ­නැ­ඟී­මට ගෙන තිබෙන පිය­වර මොන­වාද?

 

“එක්සත් ජාතික පක්ෂය කියන්නේ අවු­රුදු හැත්තැ හය­කට වඩා අතී­ත­යක් තිබෙන දේශ­පා­ලන පක්ෂ­යක්. ඒ දේශ­පා­ලන පක්ෂය අතී­තය තුළ ලොකු කාර්ය­භා­ර­යක් ඉටු කර තිබෙ­නවා. මහා­මාන්‍ය ඩී. එස්. සේනා­නා­යක මහ­තාගේ සිට රනිල් වික්‍ර­ම­සිංහ මහතා දක්වා ජාතික වශ­යෙන් ඉටු කළ සේවා­වන් තිබෙ­නවා. උදා­හ­ර­ණ­යක් විදි­හට ගනිමු සේනා­නා­ය­ක­ව­රුන්ගේ ගොවි ජන­පද ව්‍යාපා­රය, ජය­ව­ර්ධන යුගයේ මහ­වැලි ව්‍යාපා­රය රටට සිදු කළ ජාතික මෙහෙ­වර ඉතා­මත් විශා­ලයි. රණ­සිංහ ප්‍රේම­දාස මහතා උදා­ගම් සංක­ල්පය මඟින් රටට ලොකු සේවා­වක් ඉටු කරනු ලැබුවා. ඒත් එක්සත් ජාතික පක්ෂය ඉටු කළ මේ ඉති­හා­ස­ගත මෙහෙ­වර වර්ත­මාන පර­ම්ප­රාව දන්නේ නැහැ. එදා සිටි පැරණි පර­ම්ප­රාව අද නැහැ. අලුත් පර­ම්ප­රාව, අපි රටට කළ සේවය ගැන දැනු­ම්වත් වෙලා නැහැ. ඒ තත්ත්වය නිසා තමයි අපට මැති­ව­ර­ණ­ව­ලින් පරා­ජය වීමට සිදු වුණේ. සමා­ජය තුළ ලොකු මත­යක් හැදුණා අවු­රුදු හැත්තෑ හයක සාපය කියලා. ඒ අද­හස නව මාධ්‍ය හරහා තරුණ පර­ම්ප­රා­වට කාවැ­දුණා. ඒ අද­හස සමා­ජය වෙත අරන් ගියේ ජාතික ජන බල­වේ­ගය විසි­නුයි. 2021 වෙද්දි ඔවුන් තමන්ගේ මේ දේශ­පා­ලන ප්‍රචා­රක ව්‍යාපෘ­තිය ආරම්භ කළා. ඒත්, අපට විප­ක්ෂය විදි­හට අපට ඒ විදිහේ ප්‍රචා­රක ව්‍යාපා­ර­යක් ආරම්භ කරන්න බැරි වුණා. ඒ නිසා තමයි එක්සත් ජාතික පක්ෂය මේ තරම් පහ­ළට වැටුණේ.”

 

 එක්සත් ජාතික පක්ෂය නැවත නඟා­සි­ටු­වීම සඳහා ඔබ පක්ෂයේ නව සැල­සුම කුමක්ද?

“අනි­වා­ර්ය­යෙන්ම අපි නැවත ප්‍රති­සං­වි­ධා­නය විය යුතුයි. ඒ සඳහා වැඩ­ස­ට­හන ගම් මට්ට­මෙන් ආරම්භ කිරීම කළ යුතුයි. ගමෙන් පටන් ගන්නා මෙම වැඩ­ස­ට­හ­නක් මඟින් අපට හැකි­යාව ලැබෙ­නවා එක්සත් ජාතික පක්ෂය නැවත ප්‍රති­සං­වි­ධා­නය කිරී­මට. ඒකට මූලි­කව කළ යුතු දේ වන්නේ එක්සත් ජාතික පක්ෂය දශක හතක් තුළ ඉටු කළ සේවය ගැන, ජාතික මෙහෙ­වර පිළි­බ­ඳව ජන­තා­වට අව­බෝ­ධ­යක් ලබා දිය යුතුයි. පාක්ෂි­ක­යන් ශක්ති­මත් කළ යුතුයි. එසේ කිරී­මෙන් අපට හැකි­යාව ලැබෙ­නවා එක්සත් ජාතික පක්ෂය ශක්ති­මත් කර­මින් නැවත ගම් මට්ටමේ සිට එජා­පය ඉදි­රි­යට ගෙන ඒමට. මොකද එක්සත් ජාතික පක්ෂ­යට එදා සිට ගම් මට්ටමේ විශාල ශක්ති­යක් තිබුණා අප නැව­තත් ඒ ශක්ති­මත් එජා­ප­යක් ගොඩ­නැ­ඟිය යුතුයි. එය තමයි අපේ අර­මුණ බවට පත්ව තිබෙන්නේ.”

 

  එජාප – සමගි ජන බල­වේග එක­මු­තුව ගැන අද ඔබේ අද­හස කුමක්ද ?

 

“එදා සිට මම විශ්වාස කළා සමගි ජන බල­වේ­ගය සහ එක්සත් ජාතික පක්ෂය මොන­යම් ක්‍රම­ය­කට හෝ එක් පක්ෂ­යක් විදි­හට, එක් කණ්ඩා­ය­මක් විදි­හට කට­යුතු කළ යුතුයි කියලා. ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී මම උත්සාහ කළේ එවැනි සම­ගි­ය­කින් අපේ කඳ­වුර ජය­ග්‍ර­හ­ණය කර­වී­ම­ටයි. ඒත්, එදා ඒ උත්සා­හය අපතේ ගියා. මම අදත් උත්සාහ කර­නවා, ප්‍රාර්ථනා කර­නවා, මේ පක්ෂ දෙක නැවත එක දේශ­පා­ලන කණ්ඩා­ය­මක් බවට පත් කිරී­මට. එම­ඟින් අපිට මුලින් ප්‍රබල විප­ක්ෂ­ය­කුත් පසුව ආණ්ඩු­වක් අත්පත් කර ගැනී­ම­ටත් පැහැ­දිලි අව­ස්ථා­වක් තිබෙ­නවා. අනෙක එක්සත් ජාතික පක්ෂ­යට සහ සමගි ජන බල­වේ­ග­යට වෙනස් දේශ­පා­ල­න­යක් කරන්න තරම් හේතු­වක් නැහැ. අපේ පක්ෂ දෙකේම ප්‍රති­පත්ති ඉතා­මත් සමී­පයි. ගම් මට්ට­මෙන් ගත්තත් අපේ පාක්ෂි­කයෝ සහ සමගි පාක්ෂි­කයෝ ගොඩක් සමීප පිරි­සක්. ඒ නිසා මේ අව­ස්ථාවේ දි රටට ප්‍රබල විපක්ෂ භූමි­කා­වක් අවශ්‍ය වෙනවා. ඒ සඳහා මූලික වශ­යෙන් අපේ පක්ෂ දෙක එකට එක්ව කට­යුතු කිරීම සිදු විය යුතුයි.”

 

 ඒ කියන්නේ රනිල් – සජිත් සන්ධා­න­යක් ද ?

 

මම පුද්ග­ලයෝ මූලි­කව කතා කරන්නේ නැහැ. අපි දෙපා­ර්ශ්ව­ය­ටම පුළු­වන් යම් එක­ඟ­තා­වට එන්න. ඒකයි වෙන්න ඕනෑ. ඒ එක­ඟ­තාව කුමක්ද, ඒ එක­ඟ­තාව ඇති කර­ගත හැක්කේ කොහො­මද, මොන විදි­හට ද කියන එක සාකච්ඡා මාර්ග­යෙන් විස­ඳා­ගත යුතුයි. සිදු විය යුත්තේ එක­මු­තු­වක් ඇති වීම පම­ණයි.”

 

 ජාතික ජන බල­වේග ආණ්ඩුව බල­යට පත් වී තෙම­සක් ඉක්මවා ගොස් තිබෙ­නවා. ඒ කාලය තුළ ආණ්ඩුව සිදු කළ කාර්ය ප්‍රමා­ණය පිළි­බ­ඳව ඔබේ අද­හස මොකක්ද ?

 

“ඇත්තෙන්ම අපි දේශ­පා­ලන වශ­යෙන් කුහක විය යුතු නැහැ. ජන­ප­තිට සහ ආණ්ඩු­වට බලය ලැබුණේ අවු­රුදු පහ­කට. ඔවු­නට අවු­රුදු පහක වැඩ­පි­ළි­වෙ­ළක්, ප්‍රති­පත්ති මාලා­වක් තිබෙ­නවා. ඔවුන් ඒ දේ අවු­රුදු පහක් තුළ ඉටු කළ යුතුයි. එහෙම නොවු­ණොත් ලබන ජාතික මැති­ව­ර­ණ­යේදී ජන­තාව නිසි තීන්දු­වක් ගනීවි. ඇත්තෙන්ම මාස තුන­කින් ලොකු වැඩ­පි­ළි­වෙ­ළක් ලොකු කාර්ය­භා­ර­යක් ඉටු කරන්න කාල­යක් නැහැ. ඒ තත්ත්වය අප තේරුම් ගන්න ඕනෑ. යම් කාල­යක් තිබිය යුතුයි කියලා.

ඒත්, අද ආණ්ඩු බලය දරන ජාතික ජන බල­වේ­ගය කණ්ඩා­යම මේ තත්ත්වය තේරුම් ගෙන කට­යුතු කළේ නැහැ. හැම­දාම ආණ්ඩු­වක් බල­යට පැමිණි දා සිටම උත්සාහ කළේ විවිධ ඉල්ලීම් ඉදි­රි­පත් කර­මින් ඒ ආණ්ඩු අප­හ­සු­තා­වට පත් කිරී­ම­ටයි. එදා දව­ස­කට වැඩ වර්ජන, උද්ඝෝ­ෂණ කීයක් තිබුණ ද, ඒත් අද ඒ උද්ඝෝ­ෂණ කෝ? උද්ඝෝ­ෂණ නැත්තේ රටේ කිසිම ගැට­ලු­වක් නැති නිසා ද නැහැනේ. ඒ උද්ඝෝ­ෂ­ණ­ව­ලට නාය­ක­ත්වය දුන් අය අද ආණ්ඩු පක්ෂ­යට පත්ව සිටින නිසයි. ඒත් අපි එහෙම කරන්නේ නැහැ. ආණ්ඩු­වට යම් කිසි කාල­යක් ලබා දෙනවා තමන්ගේ වැඩ ටික කරන්න. ඒ කාර්යය නිසි ලෙස ඉටු නොක­ළොත් අප අවශ්‍ය දේශ­පා­ලන ප්‍රති විරෝ­ධය පළ කරනු ලබ­නවා.”

 

  රනිල් වික්‍ර­ම­සිංහ මහතා ගනු ලැබූ ආර්ථික ප්‍රති­ප­ත්තිය සහ වර්ත­මාන ආණ්ඩුව අනු­ග­ම­නය කරනු ලබන ආර්ථික ප්‍රති­ප­ත්තිය අතර වෙන­සක් ඔබ දකි­නවා ද ?

 

“රනිල් වික්‍ර­ම­සිංහ මහතා භාර ගත්තේ සම්පූ­ර්ණ­යෙන්ම කඩා වැටුණු රටක්. ආහාර ගෙනෙන්න සල්ලි නැති, තෙල් නැව් හැරී යන කඩා වැටුණු රටක් තමයි රනිල් වික්‍ර­ම­සිංහ භාර ගත්තේ. වෙනත් විදි­හ­කට කිය­නවා නම් රනිල් ගිනි ගොඩක් මැදට පැනලා රට බේරා ගත්තේ ඔහු ඉතා­මත් නිවැ­රැදි ආර්ථික ප්‍රති­ප­ත්ති­යක් අනු­ග­ම­නය කර ප්‍රශ්නය කළ­ම­නා­ක­ර­ණය කළා, අලුත් ආණ්ඩු­වට භාර වුණේ සාමාන්‍ය තත්ත්ව­යට පත් වූ රටක්. ඒ නිසා ඔවු­නට පහ­සු­වෙන් රට ඉදි­රි­යට ගෙන යන්න පුළු­වන්. ඒත් මේ ආණ්ඩුව, රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ ආර්ථික ප්‍රති­ප­ත්තිය අකු­රක් නෑර අනු­ග­ම­නය කිරීම තමයි සිදු­වන්නේ. එදා රනිල් වික්‍ර­ම­සිංහ මහතා අනු­ග­ම­නය කළ ප්‍රති­පත්ති නිවැ­රැදි එකක්.”

 

 

 ඒත් රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාට එල්ල වූ චෝද­නා­වක් වූයේ රනිල් , රාජ­ප­ක්ෂ­වරු රකින බවයි’ ඒ තත්ත්වය තුළ තමයි රනිල් වික්‍ර­ම­සිංහ මහතා වෙත ප්‍රබල විරෝ­ධ­යක් මතුව ආවේ ?

 

“ඒ කතාව වැර­දියි. රනිල් වික්‍ර­ම­සිංහ මහතා කිසි­වකු රැක්කේ නැහැ. ඔහු ඒ අව­ස්ථාවේ රට වෙනු­වෙන් ඉටු කළ යුතු යුතු­කම තමයි ඉටු කළේ. මම එදා පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­ර­යකු විදි­හට පාර්ලි­මේ­න්තුවේ පැවති ජනා­ධි­පති පත් කිරීමේ ඡන්ද­යේදී ඡන්දය දුන්නෙ ඔහුට විරු­ද්ධව ඩලස් අල­හ­ප්පෙ­රු­මට. රනිල්ට පාර්ලි­මේ­න්තු­වේදී ඡන්දය නොදුන් කෙනෙකු විදි­හ­ටයි මම ඇත්ත තත්ත්වය සඳ­හන් කළේ. රනිල් වික්‍ර­ම­සිංහ මහතා සාධ­නීය වෙන­ස්කම් රැසක් කළා. මම සාම්ප්‍ර­දා­යික තේ ගොවි­යෙක්. එදා රනිල් වික්‍ර­ම­සිංහ මහතා බල­යට එද්දි තේ පොහොර මිටි­යක් රුපි­යල් විසි­හ­ත්ද­හ­සක් වුණා. අද වෙද්දි මිල රුපි­යල් නව දහස් පන්සි­ය­යක් විත­රයි. ගොවියා වෙනු­වෙන් කළ ඒ වෙනස වුණත් ලොකු දෙයක්.”

 

 ජාතික ජන බල­වේ­ගයේ පළමු ඡන්ද පොරො­න්දු­වක් බවට පත්ව තිබෙන්නේ හොරු ඇල්ලීම, දූෂ­ණය පිටු­දැ­කීම’ ඇත්තෙන්ම මේ දේවල් රටක විය යුතු දේවල් නේද ?

 

“අනි­වා­ර්ය­යෙන්ම හොරු ඉන්නවා නම් හොරු ඇල්ලිය යුතුයි. මාත් යහ­පා­ලන ආණ්ඩුවේ අධි­ක­රණ ඇමැ­ති­ව­රිය විදි­හට වැඩ කළා. ඒ කාලෙත් අපි හොර­කම පිටු­ද­කින්න වැඩ කළා. මේ ආණ්ඩු­වත් ආවේ හොරු ඇල්ලීම මූලික කර­ගෙන. ඒකට කාට­වත් විරුද්ධ වෙන්න බැහැ. ඒත් හොරු කියලා කටින් කියලා වැඩක් නැහැ. කළ හොර­කම් මොන­වාද කියලා නීතිය ඉදි­රියේ ඔප්පු කළ යුතුයි. කෙනෙකු රිමාන්ඩ් බන්ධ­නා­ගා­ර­ගත කරලා සති දෙකෙන් නැති­නම් මාස­යෙන් ඇප ලබා ගෙන එළි­යට එනවා නම්, ඒක වැඩක් නැහැ. ඒ නිසා හොරු අල්ලන වැඩේ හරි­යට නීති­යා­නු­කූ­ලව කළොත්, නීතිය ඉදි­රියේ වැරැ­දි­ක­රු­වන් කළ හැකියි.

උදිත ගුණ­ව­ර්ධන

ඡායාරූපය – කැළුම් ලියනගේ

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT